(අජන්ත කුමාර අගලකඩ)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා අංග සම්පූර්ණ ගුවන් හමුදා කඳවුරක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සතු අක්කර 200 ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා තාවකාලික ගුවන් හමුදා කඳවුරක් 2016 දී ආරම්භ කර ඇතත්, එය ප්‍රමාණවත් නොවන බැවින් මෙම නව කඳවුර ඉදිකෙරෙනු ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුරට සමාන අයුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුර ද ඉදිකිරීම රජයේ අපේක්ෂාව වේ.
COMMENTS
කරුණාකර අලුතෙන් වනය එලි නොකර , පුලුවන්නම් අඩු වියදමකින් ඔකේ ඇතුලෙම හදන්න , අර වී ගබඩා කරපු ගබඩා ඇතුලේ ගුවන් යානා ආරක්ෂා සහිත ගාල් කරලා තබාගන්න පුළුවන් , අර කටුනායක ගුවන් හමුදා කඳවුරේ හෙලිකොප්ටර් සහ ගුවන් යානා වැස්සට තෙමි තෙමි , අවුවට වේලෙමි තිබෙනවා දැකහම මට දුකේ බැහැ මේවා අපට සටන දිනන්න ආධාර උපකාර කල යානා නේද , කරුණාකර ඒවත් මත්තල ගෙනත් වහලක් යට ආරක්ෂා සහිත තබාගන්න.
අනේ දැන් කෑම්ප් එකක්ද ඔන වෙලා තියෙන්නේ... බොරුවැඩ තමයි කරන්නේ. සල්ලි වලින් කරන්න ඔන තරම් වැඩ තියෙද්දී... ලංකාවටම තියෙන්නේ අයිසීයූ ඇදවල් 500ක්. ලැජ්ජා වෙන්න ඔනේ... හැමෝම සල්ලි කනවා විතරයි. රටෙ මිනිස්සු දුක් විදින්න ඔනේ...
විශිෂ්ඨයි . රටට හානිවන කිසිවක් නොවන බවට හොඳටම විශ්වාසයි. ඒ ව්ශ්වාසය පාටකින් හෝ අන්ධව මතුවූවක් නොව. ක්‍රියාව දැකම මතු වූවකි.