(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මත්තේගොඩදී වෑන් රථයක් කොල්ල කා, වාද්දුව මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු අනතුරකට ලක් කරමින් පලායමින් සිටි පිරිස, වෑන් රථය කොල්ලකෑම සැලසුම් කළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආරක්ෂක අංශ නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තාගෙන් ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මත්තේගොඩ කිරිගම්පමුණුව පදිංචි 33 හැවිරිදි, ත්‍රිරෝද රථ රියැදුරකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අනෙක් පිරිස සමග සිය නිවසේදී වෑන් රථය කොල්ලකෑම සැලසුම් කළ බවත්, පසුව මහා පරිමාණ වෙනත් කොල්ලකෑමක් වෙනුවෙන්ද සැලසුම් සකස් කරමින් සිටි බවත් පොලිසිය කියයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd