(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

වයස අවුරුදු 84ක මහළු කාන්තාවකගේ නිදන කාමරයට ගිනිතැබූ මුණුබුරෙකු අද (06) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කාමරය  ගිනි ගැනීම හේතුවෙන් බලන්ගොඩ කරවිකැටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව පිළිස්සීම් තුවාල සහිතව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. ගිනි තැබීම  සිදුකළ මුණුබුරා  බලන්ගොඩ  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීම සඳහා ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් මත්පැන් පානය කිරීම සඳහා මුදල්  ලබා නොදුන් නිසා එම ගිනිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (06) නියෝග කළේය.