රොමේෂ් මධුෂංඛ
යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබිණි.
අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.
නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවයි.



COMMENTS
රාජකාරියට බාධා කිරීමේ වරදට අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඈයි ?
හයියෝ ..... මේවා අපේ හත්මුතු පරහම්පරාවකටම අහපු කතා නොවෙයි අපේ හාමුදුරුවනේ..
යහපලානේ .. ඔහොම යමු ..ගෝඨාභය රාජපක්ෂ එනකම්..
එකම රටක නීති දෙකක්.
රාජකාරියට බාධා කිරීම වරදක් බව නීති පොතේ තිබෙන බව දනිමි. නමුත් පවතින ආණ්ඩුව අනියම් ආකාරයෙන් පිළි අරගෙන තිබෙන්නේ එහෙ දැන් වෙනම නීතියක් පවතින බවය. එසේ නොමැති නම් කයිවාරු ගහන මෙම කටයුතු වලට බලය තිබෙන දේශපාලකයන් ගන්නා පියවර දෙස මහ ජනතාව බලාගෙන සිටී
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන කටයුතු මේ වගේ නිචයන්ට බයවෙලා නතර කල යුතු නැහැ. පේනවා නේද මේ සමහරු කැස කවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා මේ නිචයන්ට ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙන්න. හොඳට හිටීවි නේද එතකොට?
ගෝඨා ආවත් ඔච්චර තමයි. විල්පත්තු කපන්න පටන්ගත්තෙත් එයාල ඉන්න කාලෙම නේද?
අපොයි මේ ආණ්ඩුව.
වැලිවේරියෙ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කරපු තමන්ගෙම ජාතියේ මිනිස්සුන්ට වෙඩි තියල මරන්න අණ දුන්න කෙනා ජනාධිපති වෙනකන් ඉන්න රංග වගේ අයත් ඉන්නවනේ ඉතින්.
කෝ කඳුලුගස් සහ ජාල ප්‍රහාර දකුණට විතරද????????????
මේ ජාතිවාදී හොර මන්ත්‍රීවරුන්ගේ තර්ජන වලට එඩිතරව මුහුණ දෙන්න එක ඇමතියෙක් නැත හැටි. ලැජ්ජ වෙන්නේ ජනතාව
මත්තල ගුවන් තොටුපොල බලන්න ආපු එදා විරුද්ධ පක්ෂයේ හිටි මන්ත්‍රී වරුන්ට ආණ්ඩු පක්ෂයේ අය ඉඩනොදී හැරපු එක මතක් උනා.
ඔය මොන මගුලක්වත් ඕනේ නැහැනේ හමුදාවට නම් ඉඩම් ගන්නේ හමුදාවේ මිනින්දෝරුවරු දාලා, මැනලා ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න. පසුකාලීනව කැඩස්තර මැනුමක් කරගන්න. අනික යුද්ධය කාලේ ඝෝඨාභය මහතා මැනමැන ඉඩම් ගත්තේ නැත...
නිවටයින් ඉන්න ආණ්ඩුවකට දෙමළ එළුවොත් නිකට පානවාලු...
වැලිවේරියක් ගැන මොන කතාද? එයා ජනාධිපති වුනොත් උතුරේ ඉඩම් ගන්න මැනමැන ඉන්නේ නැහැ. සිංහල රජකාලේ වගේ අර කන්දෙන් මෙහාට මේ කන්දෙන් මෙහාට ඔක්කොම හමුදාවට කීවාම එච්චරයි. ඉඩම් හමුදාවේ...
රටේ පාලනයක් නැහැ නේද
ඇයි මේ අපේ රටේ වගකිවයුත්තෝ ඇහැ කට පිය ගෙන ඉන්නේ?? උතුර ඇයි ලංකාවේ කොටසක් නෙවේද? අපේ රණවිරුවෝ මොකටද එතකොට ජීවිත පුජා කලේ ?
රටේ අලුත් වගකිව යුත්තෝ තමයි මනින්න දෙන්න බැහැ කීවේ. කොහොමද වෙනස? වෙනස හොයපු බඩගත්තරයින්ට තාම තේරෙන්නේ නැහැ. මේ පාදඩ නායකයෝ යුද්දයෙන් පරාද වුවාට වඩා අමාරු තත්වයකට සිංහලයා තල්ලු කර දමනවා.