
(ඔගස්ටින් ප්‍රනාන්දු)
ජපමාල දේවමාතාවන් නමින් කැප කර ඇති වන්නිකරයේ මඩු සිද්ධස්ථානයේ වාර්ෂික අගෝස්තු මහ මංගල්‍යය 14 හා 15 වන දිනයන්හි සුපුරුදු අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සිද්ධස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා සඳහන් කළේය.
කොරෝනා වයිරසය නිසා මේ දිනවල අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය නීති රීති යටතේ මෙවර මංගල්‍යය පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මෙවර මංගල්‍යය සදහා පැමිණෙන සියලු බැතිමතුන් පනවා ඇති එම සෞඛ්‍යය නීති රීති අනුගමනය කිරිමට පියවර ගත යුතුව ඇති බවත් පියතුමා කියයි.
මෙම මංගල්‍යයේ වෙස්පර්ස් මංගල්‍යය මේ මස 14 වන දින පස්වරු 6 ට පැවැත්වීමට පියවර ගෙන ඇති අතර පසුදින (15) පෙරවරු 6.15 ට මංගල්‍ය මහා දිව්‍ය පුජා මෙහෙය පැවැත්වීමට ද අවශ්‍යය පියවර ගෙන ඇත. එම මංගල්‍යය මහ දිව්‍ය පුජා මෙහෙයන් සිදුකරනුයේ ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු සහ මන්නාරම රදගුරු අති උතුම් අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. දිව්‍ය පුජා මෙහෙයෙන් අනතුරුව මරදමඩු ජපමාල දේවමාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර බැතිමතුන් ආසිරි ගන්වමින් වීදි සංචාරය කරණු ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් මේ වන විට මෙවර මංගල්‍යයට එක්වීම පිණිස මෙහි පැමිණ සියටිනු දැක ගත හැකි අතර සියලු බැතිමතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලිමට පියවර ගෙන ඇති බවත් පොලිසිය ද විශේෂ ආරක්ෂාව සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සුසේයි පියතුමා පැවැසීය.

2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 14-15දා
වීරවිජේ Wednesday, 12 August 2020 10:00 AM
දැන්වත් වැඩක් නැති දේවල් නොකර ඉමු. කොරෝනා කාලේ පැත්ත නොබලපු සියලු අය ප්‍රතික්ෂේප කරමු.