(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් ලබන15 වැනිදා සිකුරාදා මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .

මේ එන්නත් ලැබෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පදනම යටතේය.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොඩර්නා එන්නත් තොගයක් මෙරටට ලැබෙන පළමු අවස්ථාව මෙයයි .