(රංජන් කස්තුරි)
මඩකලපුව පුනානිහි ස්ථාපිත කිරිමට නියමිත විශ්ව විද්‍යාලය රජය සමඟ එක්ව ආරම්භ කිරීමට තමා සුදානම් යැයි බැට්කොලෝ කැම්පස් පුද්ගලික සමාගමේ සභාපති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කොළඹ දී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රජයට සහ තම සමාගමට කොටස් අයිතිය හිමිවන සේ එම පෞද්ගලික විශ්ව විද්‍යාලය පවත්වාගෙන යාමට එකඟ බවද එහිදී හිස්බුල්ලා මහතා කීය.
කෙසේ වෙතත් ඇතමුන් යෝජනා කරන පරිදි බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් දේපොළ කිසිසේත් රජයට පවරාගැනීමට නොහැකි බවද රටේ එවැනි නීතියක් නැතැයි ද ඔහු පැවසීය.
යෝජිත විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉකුත් මැයි මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද රටේ ඇති වූ තත්වය මත එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල්දැමුණු බවද ඔහු කීය.
රජය යෝජනා කරන පරිදි කුමන හෝ පදනමකින් කොටස් අයිතිය බෙදා ගැනීමටත්, පරිපාලන කටයුතු සිසුන් බඳවා ගැනීම, උපකුලපතිවරයකු පත්කිරිම ආදී කටයුතු රජයට අවශ්‍ය පරිදි සිදුකිරිමේ පදනමින් කටයුතු කිරීමට ද තම සමාගම කැමති බවද හිස්බුල්ලා මහතා කීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
කිසිම හවුලක් ඕනේ නැහැ එය වහාම රජයට පවරගන අනෙක් විශ්ව විද්යාල ලෙස පවත්වාගන යන්න ඔය එන්නේ ටික කලක් ගියාම ඒ අයට ඕනේ විදිහට හරවගන්න
හොඳ අදහසක්.
රජයට පවරාගෙන තනිව මෙය පවත්වාගෙන යන්න.
හවුලේ කරන්න ගියොත් ඒක පෞද්ගලික වෙනවා. ඒතකොට අර මහබැංකු අධිපති පහුගිය දිනවල දුන්නු සාක්ෂි ගැන අවදානය යොමු කළ යුතුවේ.
එහෙම මොකටද? රජයත් එක්ක හවුලේ කරන්න යන්නේ. ඕක නීති විරෝධී, රාජද්‍රෝහී වැඩ සඳහා යොදා ගත්තු තැනක්. කෙලින්ම රජයට පවරාගෙන එක විශ්ව විද්‍යාල කොමිසම යටතට පත් කරන්න. හවුල් ඕනේ නැහැ.
නීතියෙන් බේරන්නද මේ දඟලන්නේ? ඔයා අවංක නම්, ඇයි ආණ්ඩුව හවුල් කරගන්නේ? තමාගේ සමාජයට වැඩ කරනවා බව කියාගන ඇවිත්, පරම්පරාවට හම්බ කරනවා. මෙහෙමද සමාජයට වැඩ කරන්නේ..?