(එෆ්.අස්ලම්)
මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලපුව කල්ලඩි පාලම අසල පිරිසක් විරෝධතාවයක නිරතවූහ.
ත්‍රස්තවාදියෙකුගේ මළසිරුරක් හින්දු සුසාන භූමියක මිහිදන් කිරීමට ඉඩදිය නොහැකි බව පවසමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වී ඇතැයි පොලිසිය කියයි.
අධිකරණමය ක්‍රියාදාමය ඔස්සේ පොලිසිය මෙම ගැටළුව නිරාකරණය කරන බව පවසා ඇතත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිස පොලිසියේ පොරොන්දුව ඉවත දමමින් කල්ලඩි පාලම අසල මාර්ගයේ විරෝධතාවය අඛණ්ඩව සිදුකර ඇතැයි ද පොලිසිය පැවැසීය.



COMMENTS
බවුද්දයින්ගේ සුසාන භූමියක ඕනෑම ආගමිකයෙකුගේ මුර්ත දේහයක් බුහුමදානය කල හැකයි ඒ සැබෑ සංහිදියාව ඇත්තේ ඔවුන් ලග පමණක් නිසයි මේ විරෝදතාවයන් එයට කදිම පිළිතුරයි
අනාගන්නව කියන්නේ මේකටනෙ. ඔය තිරිසනාගෙ ඔළු කබල කව්රුත් නොදන්නා විදිහට පසට යට කළානම් ඉවරනෙ. පිරිබාහරන් කියන මස්වැද්දට කළා වගේ.
මේ ඉල්ලීම හරිම සාදාරනයි. මේ ත්‍රස්ත්යාගේ හිස මිනී මෝරුන්ට කෑමට මුහුදට දැමිය යුතුය.
සාධාරණ විරෝධතාවයක්. ඇයි මුන්ගෙ සුසාන භූමි ඔය පැති වල ඕන තරම් තියෙනවනෙ. හිතා මතා කලබලයක් ඇති කරන්න කරපු වැඩක් ඒක.
මුස්ලිම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ ඔලුව දෙමල සුසාන බුමියක වළලලා හරියනවද? මේක තවත් ජාතියකට කරපු නින්දවක්නේ ! මේක මුස්ලිම් මිනිස්සුන්ට දැනෙන්නත් එක්ක වලලන්න ඕන ඔඋන්ගේම සුසාන බුමියක.
උතුරේ කට්ටියක් මිය ගිය ත්‍රස්තවාදීන්ට උපහාර තියනවා පහන් පත්තු කරනවා. මෙහෙ ත්‍රස්තවාදියකුගේ නිසා මිහිදන් කරන්න බැරිලු. මුස්ලිම් උනත් දෙමල උනත් ත්‍රස්තය ත්‍රස්තයාම තමයි මන්ත්‍රී තුමෝ.
සාමාන්‍යයෙන් මුස්ලිම් මිනිස්සු තමන්ගේ මැරුණු මෘතදේහ මුස්ලිම් සුසාන භූමි හැර වෙන කොහේවත් භූමදානය කරන්නේ නැහැ. එයට ඔවුන් ඉතාම අකමැතියි. මෙහිදී මුස්ලිම් වියතුන්ගේ සංගමය තීරණයක් කරලා තිබුණු මෙම ත්‍රස්තවාදීන්ගේ සිරුරු මුස්ලිම් සුසාන භූමිවල භූමදානය කරන්නේ නැහැ කියලා... මොකද මේ ත්‍රස්තවාදීන් කරපු විනාශය නිසා? හැබැයි ඒ වගේම ඔය උද්ඝෝෂණය කරන අයම මැරුණු ත්‍රස්තවාදීන්ගේ සිරුරු තමන්ගේ සුසාන භූමිවල භූමදානය කරා පමණක් නොව ඔවුන්ව ජාතික වීරයන් හැටියට සලකා මහා විරු දින සැමරුම් පැවැත්වූවා. එහෙම බලනකොට ඔය මුස්ලිම් මිනිස්සු කරපු දේ හොඳයි කියලා හිතෙනවා.