IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී

(වසන්ත චන්ද්‍රපාල)
 
මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද  බෝම්බකරුගේ සිරුරේ කොටස් අද(02) සවස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේදි නැවත ගොඩ ගනු ලැබීය.
 
මෙම බෝම්බකරුගේ සිරුර අප්‍රේල් 21 වෙනි දින සිට මඩකලපුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මඩකලපුව දිසාපති එම්. උදයකුමාර් මහතා පොලීසිය සමග එක්ව මඩකලපුව හින්දු සුසාන භුමියක වළ දමනු ලැබීය.
 
පසුව මෙම ස්ථානයේ මළ සිරුර වළ දැමීමට විරෝධය පාමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් .වියලේන්ද්‍රන් මහතා ඇතුළු දෙමළ ජනතාව විරෝධය පෑහ.
 
මඩකලපුව දිසාපතිවරයා සහ මඩකලපුව පොලිසිය මගින් පවතින තත්වය පිළිබඳ අධිකරණයට කරුණු වර්තා කිරීමෙන් අනතුරුව මෙම මළ සිරුර එම ස්ථානයෙන් ගොඩ ගෙන සුදුසු ස්ථානයක් තීරණය කරනතුරු මඩකලපුව මහ රෝහගේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතාට නියෝග කරනු ලැබීය.
 
ඒ අනුව එම මළ සිරුර අද (02) මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේ ගොඩගෙන සුදුසු ස්ථානයත් තෝරා ගන්නා තුරු මඩකලපුව මහා රෝහලේ තැන්පත් කරනු ලැබීය.
 
මඩකලපුව මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එච්.එම්.ඩී.සෙනරත් මහත්මිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී සොනලි ඉලියප්පෙරුම මහත්මියගේ අධීක්ෂණය යටතේ මළ සිරුර ගොඩගනු ලැබිණි.



අදහස් (3)

මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී

රවින් Monday, 02 September 2019 01:53 PM

හොඳින් කරුණු මැන බලන්න. මෙය අහම්බෙන් සිදුවූ දෙයක් නොවන බව වැටහෙනු ඇත.

:       6       3

kule Monday, 02 September 2019 06:07 PM

අප්‍රාණික මිනිස් හිසකට වයිරය සහ මමත්වය මෙතරම් විදහාපාන මනුස්සයින් දියණු වූ මේ ලෝකයේ තවමත් සිටීම ගැන ලජ්ජා විය යුතුයි.

:       1       1

upulTuesday, 03 September 2019 06:53 AM

බෝම්බ පුපුරන වෙලේ ඔය කියන දේවල් කොහෙද දන්නේ නැ තිබ්බේ ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31304 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site