(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුගේ සිරුරේ කොටස් අද(02) සවස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේදි නැවත ගොඩ ගනු ලැබීය.
මෙම බෝම්බකරුගේ සිරුර අප්‍රේල් 21 වෙනි දින සිට මඩකලපුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මඩකලපුව දිසාපති එම්. උදයකුමාර් මහතා පොලීසිය සමග එක්ව මඩකලපුව හින්දු සුසාන භුමියක වළ දමනු ලැබීය.
පසුව මෙම ස්ථානයේ මළ සිරුර වළ දැමීමට විරෝධය පාමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් .වියලේන්ද්‍රන් මහතා ඇතුළු දෙමළ ජනතාව විරෝධය පෑහ.
මඩකලපුව දිසාපතිවරයා සහ මඩකලපුව පොලිසිය මගින් පවතින තත්වය පිළිබඳ අධිකරණයට කරුණු වර්තා කිරීමෙන් අනතුරුව මෙම මළ සිරුර එම ස්ථානයෙන් ගොඩ ගෙන සුදුසු ස්ථානයක් තීරණය කරනතුරු මඩකලපුව මහ රෝහගේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතාට නියෝග කරනු ලැබීය.
ඒ අනුව එම මළ සිරුර අද (02) මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේ ගොඩගෙන සුදුසු ස්ථානයත් තෝරා ගන්නා තුරු මඩකලපුව මහා රෝහලේ තැන්පත් කරනු ලැබීය.
මඩකලපුව මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එච්.එම්.ඩී.සෙනරත් මහත්මිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී සොනලි ඉලියප්පෙරුම මහත්මියගේ අධීක්ෂණය යටතේ මළ සිරුර ගොඩගනු ලැබිණි.

2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී
රවින් Monday, 02 September 2019 01:53 PM
හොඳින් කරුණු මැන බලන්න. මෙය අහම්බෙන් සිදුවූ දෙයක් නොවන බව වැටහෙනු ඇත.
kule Monday, 02 September 2019 06:07 PM
අප්‍රාණික මිනිස් හිසකට වයිරය සහ මමත්වය මෙතරම් විදහාපාන මනුස්සයින් දියණු වූ මේ ලෝකයේ තවමත් සිටීම ගැන ලජ්ජා විය යුතුයි.
upulTuesday, 03 September 2019 06:53 AM
බෝම්බ පුපුරන වෙලේ ඔය කියන දේවල් කොහෙද දන්නේ නැ තිබ්බේ ..