(එෆ්.අස්ලම්)
තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්‍රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි.
එමෙන්ම දෙමළ ජනතාවගේ ජාතික වීරයින් වීමට කිසිදු දෙමළ දේශපාලකයෙකුට නොහැකි බවත් තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.
එක්සත් නිදහස් පෙරමුණේ අම්පාර දිස්ත්‍රීක්කයේ පාන්ඩිරුප්පු කොට්ඨාසයේ ජන හමුව පාණඩිරුප්පු සංස්කෘතික මණ්ඩපයේදී අද(13) පැවති අතර එම හමුවේදී පාක්ෂිකයින් අමතමින් මුරලිදරන් මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීය.
'දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් හටගෙන තිබෙනවා.මෑතකදී එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් කරන ලද ප්‍රකාශයක් කතිකාවක් වී තිබෙනවා.අද දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ එක්කෙනෙකුට විතරයි.ඒ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා,ට විතරයි.ඔහු හැර දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න සුමන්තිරන්ට හෝ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල ඉන්න දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකුට අයිතියක් නැහැ.
ඔවුන්ට යුද පිටිය ගැන දන්නවාද? යුද පිටියට තම දරුවන් යැවීමේ වේදනාව දන්නවද? අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ හදවතේ තියෙන වේදනාව දන්නවද?මේ කිසිවක් නොදැනයි ඔවුන් ජාතිකත්වය කතා කරන්නේ.
අම්පාර දිස්ත්‍රීක්කයේ සිටින දේශපාලකයෙක් කංචිකුඩියාරු කැලයෙන් භාගයක්ම විනාශ කරල තියෙනවා.ඒ කැලයේ තිබූ ගස් වවන්න එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් දහස් ගණනක කොටි සාමාජිකයින් යොමුකළා' යැයිද කීය.
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි
මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්‍රභාකරන්ට විතරයි‘
පිටිගල මිලානෝ Monday, 13 January 2020 12:20 PM
කතාව ඇත්ත නමුත් උතුම්වූ ශ්‍රී දළදා වහන්සේට හානි කරන්නට තැත් කිරීමම මේ සිරිලක මහා පව්කාරයෙක් වී ඉතිරි කාලය ගත කිරීමට ප්‍රමාණවත්ය.
max Monday, 13 January 2020 12:22 PM
දෙමළ අයගේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීම අරඹයා දැනුවත් හෝ නොදැනුවත්ව මිනී මැරීමට යොමු වූ ඔබ පසුව රටේ ඒකීයත්වය පිළිගැනීම සතුටට කරුණක් වුවත්, දෙමළ ජාතිකත්වයක් පිළිබඳ ප්‍රභාකරන් උත්කර්ෂයට නැංවීම පිළිගත නොහැකිය.
ranjith Monday, 13 January 2020 12:40 PM
තමන් කරපු පව් වැඩ වලට අපාය මදි............. තව පුරසරම් දොඩනවා...........
BamunuarachchiMonday, 13 January 2020 01:33 PM
මොනවාද මෙයා කරපු පව් වැඩ? දෙමළ ත්‍රස්තයෙක් හැටියට ඒ කාරිය කළා. සිංහලයින්ට එකතු උනාට පසු ඒ කාරිය කළා. දෙමළ ත්‍රස්තයෙක් විදිහට සිංහලයින්ට උදව් කළානම් හෝ සිංහලයින් වෙනුවෙන් පෙනී සිට දෙමළ ත්‍රස්තයින්ට උදව් කළානම් තමයි දෙපැත්ත කන ද්‍රෝහියෙක් වෙන්නේ. හරියට හිතන්න පුරුදු වෙන්න.
පබිලිස් Monday, 13 January 2020 02:49 PM
දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ අපිද? ඒවා ද්‍රෝහීන්ගේ වැඩ නොවේද?
Bamunuarachchi Tuesday, 14 January 2020 11:24 PM
පබිලිස් උන්නැහේ හිරෝශිමාවට බෝම්බ දැම්ම කෙනත් කලේ එයා සේවය කළ හමුදාවෙන් එයාට බාර දීපු කාර්යයක්. කරුණා අම්මාන් කලෙත් එය බැඳිලා තිබුණු සංවිධානයේ දීපු නියෝගයක්. එ්ක තේරුම්ගන්න තරම් මොලයක් නැද්ද?
ජයරත්නMonday, 13 January 2020 03:03 PM
සමගිව පෙරට යමු
BinkunnaaMonday, 13 January 2020 06:08 PM
නමුත් ඔහු තැනගේ වැරදි වලට පසු තවිලා, රජයට යුධ හමුදාවට සහය නොදුන්නානම් තව රටේ සොල්දාදුවෝ කී දාහක් මැරිලාද යුද්ධය ඉවර වෙන්නේ?
athuraTuesday, 14 January 2020 04:19 AM
හැබැයි දේශප්‍රේමී පැත්තෙ ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැලු.
Rosheen Monday, 13 January 2020 12:58 PM
තවමත් ඊළමට ආදරෙයි මෙයා. ප්‍රභා ගස් වවන්න කිව්වේ යුද්ධ කරන්න ලේසි නිසා.
Bamunuarachchi Monday, 13 January 2020 01:25 PM
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතානනී මම එය 100% කින් අනුමට කරමි මැදවච්චිය කිලිනොච්චිය සහ පාමංකඩ අලිමංකඩ නොදන්නා, ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කී අය නියම ජාතිද්‍රෝහීන්ය.
ඉන්දික Monday, 13 January 2020 01:27 PM
සරළ ගනිතය.. ප්‍රහාකරන් යනු දෙමළ ජාතීන් වෙනුවන් අරගල කල උත්තමයෙකු නම් ඔහුට ද්‍රෝහී වීමම දෙමල ජාතිය වෙනුවෙන් ද්‍රෝහී වීමකි.
BamunuarachchiTuesday, 14 January 2020 12:32 PM
ඉතින හලෝ දෙමළ ජාතියට ද්‍රෝහීවීම සිංහලයාට ද්‍රෝහිවීමක් නොවෙයි. එ්ක දෙමළ ජාතිය බලාගනීවි.
කපුරුහාමි Monday, 13 January 2020 01:57 PM
තමුන්ගේ කෙරුවාවල් ගැන මොකට කියනවද ?කරපු විනාශය හොදටම ඇති.
DD Monday, 13 January 2020 03:19 PM
ඇත්ත මෙය තමයි ගොඩක් දේවල් එල්ටීටී එකෙදී කරේ. ඒත් තමන් පස්සේ හරි, හරි මාර්ගයේ ගියේ නැතිනම් ප්‍රභාකරන් තවමත් යුද්ධ කරනවා. මොහු නැතිනම් ලේසි නෑ ප්‍රභාව මෙල්ල කරගන්න. එකත් අපි දැනගත යුතුයි.
athuraTuesday, 14 January 2020 08:39 AM
ඔව් ඔව් ෆොන්සේකා හිටියත් නැතත් මෙයා නොහිටියා නම් යුද්දේ ඉවර කරන්න ලේසි නැහැ. ඒකනේ එතකොට ඒක අපි දැනගන්න අවශ්‍ය නැද්ද ?
Hafeel Monday, 13 January 2020 03:48 PM
දෙමළ ජාතික සන්ධානයට දොසාරෝපණ කරන විමල්, ගම්මන්පිල මේකට මොනවද කියන්නේ?
ශෂීTuesday, 14 January 2020 09:42 AM
මෙතුමාගේ දළදා ප්‍රහාරය දේශප්‍රේමී ප්‍රහාරයක් .
Bamunuarachchi Tuesday, 14 January 2020 12:29 PM
දළදා මාලිගාවට ගැහැව්වේ එයා ත්‍රස්තවාදියෙක් හැටියට ඉන්න කාලේ. සිංහලයාගේ පැත්තේ ඉඳගෙන දළදාමාලිගාවට ගැහුවා නම් තමයි වැරදි. හරියට හිතන්න පුරුදු වෙන්න. අංගුලිමාලට විතරද මිනීමැරීම නතර කොට බුදුන් සරණ යන්න පුළුවන්. මෙයාට දෙමළ ත්‍රස්තවාදය අතහැර සිංහලයාගේ පැත්ත ගන්න බැරිද?
රොමේෂ් Monday, 13 January 2020 06:27 PM
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්. සමහරුන්ටනම් දැන් "අමු දේශප්‍රේමියෙක්".
Karuna Monday, 13 January 2020 07:36 PM
එතකොට අප්පච්චියි රට රකින විරුවයි නායකයො නෙමෙයි ද අපේ හාමුදුරුවනේ ??
රවින් Monday, 13 January 2020 11:21 PM
ඇත්ත නේන්නම්. මහජනයාට හිතකර හෝ අහිතකර අරමුණක් / ප්‍රතිපත්තියක් තිබුනා. ඔහු උඩදාගෙන දඟලන දේශපාලුවෝ ටික තමා නියම දේශද්‍රෝහීයෝ. උන්ගේ එකම අරමුණ මහජනයාට හෙණ ගැහුනත් කමක් නැහැ මගේ හා මගේ හෙන්චයියලාගේ සාක්කු ටික පිරෙනවානම් ඒ ඇති කියන ප්‍රතිපත්තිය. අරමුණක් ඇත්තෙම නැහැ.
lalithm Tuesday, 14 January 2020 02:52 AM
එතකොට එයාව උපසභාපති කර ගත්තු කට්ටියට.?
jabos alahap Tuesday, 14 January 2020 09:31 AM
යු.ඇන්.පී කාරයාගෙයි මෙයාගෙයි වෙනසක් නැහැ. තමන්ගේ පැත්ත පාවා දෙනවා.
BamunuarachchiTuesday, 14 January 2020 01:34 PM
යු.ඇන්.පී අයගෙයි මෙයාගෙයි වෙනසක් නැහැල්ලු.
Bamunuarachchi Tuesday, 14 January 2020 12:22 PM
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්. සමහරුන්ට නම් දැන් "අමු දේශප්‍රේමියෙක්". රනිල්ට, රවීට, කිරිඇල්ලට, ප්‍රේමදාසලට සංසන්දනය කරනවිට මෙයා "අමු දේශප්‍රේමියෙක්" තමයි.. ආයි කතා දෙකක් නැහැ. යුද්ධය දිනාගන්න කෙලින්ම උදව් කළා.
සත්‍යපාල Tuesday, 14 January 2020 06:23 PM
කරුණා අම්මාන්ට හොර පාස් පොර්ට් එකක් හදලා දීලා රට යැව්වෙත් නිකන්ද?
BamunuarachchiThursday, 16 January 2020 04:25 AM
නිකන් නොවෙයි බලතල පාවිච්චි කරලා. රාජිතට හොර ලෙඩ අරගෙන ඉස්පිරිතාලේ හැඟුනේ තමාට වාසිදායක තීන්දුවක් ගන්න කරුණා අම්මාන් රටින් පිටකලේ රටට එයාගෙන් වුණු සේවය රටට දැනගත්තාට සුදුසු වෙලාවට ඉදිරිපත් වෙන්න. ගොබ්බ කතා නොකියා ස්වාධීනව හිතන්නකෝ...!!! ඒ කාලේ යුද්ධ ජයග්‍රහණය පාච්චල් කරපු එජාප නායකයින්ට වැඩිය කරුණා අම්මාන් මෙරටට සිංහලයාට සේවයක් කරපු කෙනෙක් නේද කියලා. කරුණා අම්මාන්ට වෛර කරන්න ඕනේ දෙමළ ජනතාව සිංහල අපි නොවෙයි.
Bamunuarachchi Thursday, 16 January 2020 04:33 AM
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්... සමහරුන්ට නම් දැන්" අමු දේශප්‍රේමියෙක්". ඔව් සිංහලයාට විරුද්ධව ත්‍රස්තයෙක් හැටියට ත්‍රස්තවැඩ කරනකොට සිංහලයාට ඔහු "ද්‍රෝහියා" දෙමළුන්ට "අමු දේශප්‍රේමියෙක්" ත්‍රස්ත වැඩ නතර කර සිංහලයාට එකතුවී දෙමළ ත්‍රස්ත මර්දනය කළාම කරුණා සිංහලයින්ට "දේශප්‍රේමියෙක්" දෙමළුන්ට "ද්‍රෝහියා" දැන් ඔහෙට මොනවද කියන්න තිබෙන්නේ? මෙවැනි සිදුවීම් ලෝකයේ වුණු පළමු වතාව නොවෙයි. ඉංග්‍රීසින්ට එකතු වුණු ඇහැලේ පොළ නිලමේ ගැන දන්නේ නැද්ද? රාජසිංහ රජු ඇහැලේපොළගේ පවුලම විනාශ කලේ අැයි කියා සොයා බැලුවද? සිංහල අපේ ළඟම ද්‍රෝහිකම් ඕනෑතරම් තිබෙනවා හලෝ...
shehan Friday, 17 January 2020 07:18 AM
තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.
BamunuarachchiSaturday, 18 January 2020 03:07 AM
ඒකහරි මොකද ප්‍රභාකරන් පෙනී සිටියේ ඔහුගේ ජාතිය වෙනුවෙන්... දැන් අපිටත් ඉන්නවා ජාතික නායකයෙක්. ඔහු කෙලින්ම කීවා මම බලයට ආවේ සිංහල බෞද්ද ඡන්ද වලින් කියලා...