IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝටර් රියක ගැටී පුද්ගලයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර  හොරණ මාර්ගයේ එලුවිල හන්දියේ දී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් ඇති බව  පානදුර දකුණ පොලිසිය කියයි. 

එම පුද්ගලයාගේ ගැටීමෙන් අනතුරුව මෝටර් රථය අසල කුකුළු මස් වෙළඳසැල කඩා වැදී තිබූ බව පොලිසිය සඳහන් කරයි 

අනතුරින් මියගොස් ඇත්තේ  පානදුර සිල්වා මාවතේ පදිංචිව සිටි වි එස්. විල්සන් නැමැති  81  හැවිරිදි  සිව් දරු පියෙකි.

අනතුර සිදු කළ මෝටර් රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත 

එකම පවුලේ මව පියා සහ දියණිය පානදුර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ  ගමන් කර ඇති අතර පියා විසින් අනතුර වන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇති බවට පොලිසිය කියයි 

පානදුර හොරණ මාර්ගයේ වම් මංතීරුවේ මගීන්ට ගමන් ගැනීම සඳහා  වෙන්කල තීරුවේ මියගිය පුද්ගලයා ගමන් කර ඇති අතර මෝටර් රථයේ ගැටීමෙන් එම පුද්ගලයා මීටර් දහයක් පමණ ඉදිරියට විසිවී ගොස් අසල කානුවට වැටී  ඇති බව  පොලිස්  නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරුට  රියදුරු බලපත්‍රයක් නොමැති බවට  වැඩිදුරටත්  අනාවරණය වූ බවත්,එවන් පුද්ගලයකුට මෝටර් රථයක් පැදවීමට ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථයෙන් රථ රථයෙන් ලියාපදිංචි අයිතිකාරිය වූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය  

අනතුරෙන් කුකුල් මස් අලෙවිසැලට සහ මෝටර් රථයකට රථයට බරපතල අලාභ සිදු වී ඇත 

අත්අඩංගුවට ගත් රියදුරු  සහ ඔහුගේ බිරිඳ  පානදුර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 



අදහස් (0)

මෝටර් රියක ගැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site