(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව්දෙනකු ගමන්ගත් මෝටර් රථයක් මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි
අද අලුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර හයිලෙවල් මාර්ගයේ සිට මිරිහාන දෙසට යාමේදී වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මියගිය එක් පුද්ගලයෙක් තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතරඅනෙක් පුද්ගලයා අටබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි
COMMENTS
අනේ දෙවියනේ.