( නිමන්ති රණසිංහ)
විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය යොමු කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.
මෙම උත්සව ඇතුළු සියළු උත්සව අවස්ථා සඳහා මින් ඉහතදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයිද ඇය සඳහන් කළාය
COMMENTS
එතකොට තොණ්ඩමන්ගේ කවුරු හරි මැරුණොත් මොකද කරන්නේ?
කොරෝනා පිට දමලා ඔයගොල්ලෝ කරන්න යන අසමජ්ජාති වැඩේ මිනිස්සුන්ට රහසක් නොවෙයි. ඒ විතරක් නොවෙයි 70 දශකයේ සිරිමාගේ ආණ්ඩුව කරපු ඉතිරි දේවලුත් කරන්න. ඒවා අමතක වෙන්න බැහැ.. සඳුදා සහ සිකුරාදා ගෙවල්වල බත් කෑම තහනම් කරන්න. කඩවල බත් වෙනුවට මයියොක්කා විකුණන නීති ආයෙත් ගෙනෙන්න. හාල් එක ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ප්‍රවාහනය තහනම් කරන්න. උදේ පාන්දර 3 සිට පාන් පෝලිම පටන් ගන්න. සතොසේ කරවල, අල , ළුෑණු පෝලිම පටන් ගන්න. ආ අමතක වුණා භූමිතෙල් සුවඳ හමන චිත්ත, සාරි, සරම් මිනිස්සුන්ට අඳින්න කියන්න... ඒ වගේම තමයි උදේ හවස ගඩාෆිට සිදුවුණු දේත් සිහිකරන්න. මොකද ඉතිහාසය නැවත පුනරාවර්තනය නොවෙන්නට බැහැ.