(තුසිත කුමාර ද සිල්වා)
කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයට අපරීක්ෂාකාරීව, ධාවනය කිරීම හේතුවෙන් අද(14) බේරුවල නගරයේදී එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
බස් රථයේ මගියකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, බසය නවත්වන ලෙස රථවාහන නිලධාරීන් අණ කර ඇත. රියදුරාට, රියදුරු බලපත්‍රය රැගෙන එන ලෙස දැන්වීමෙන් පසු ඔහු පැන ගොස් තිබිණි. පැය දෙකකටු පමණ පසු ඔහු පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් රියදුරා ඇඹිලිපිටිය ඇතිමලේ පදිංචිකරුවකු බවත් අවුරුදු හතරක සේවාකාලයක් සහිත අයකු බවත් පොලිසිය කියයි.
මේ වන විට රියදුරාට අයිති වලංගු රියදුරු බලපත්‍රය අහංගම පොලිසිය භාරයට ගෙන තිබෙන අතර තාවකාලික රියදුරු බලපත්‍ර දෙකක් පානදුර සහ මාතර පොලිස් ස්ථාන මගින් ලබාදී තිබියදී මෙසේ අන්තරාදායක ලෙස රිය පදවා තිබෙන බව පොලීසිය කියයි.
මේ පිළිබඳව කටුබැද්ද ඩිපෝවේ නිලධාරියකුගෙන් විමසූ විට කියාසිටියේ මෙම රියදුරා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගෙන වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.
අත්අඩංගුවට ගත් රියදුරා හෙට(15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
බොහොම හොදයි. වෙන රස්සාවක් කරන්න අවස්ථාව දෙන විදිහට කටයුතු කරන්න.
ඔය ලංගම බස් විතරයිනේ... කොළඹ දුවන පුද්ගලික බස් බොහොමයක් ඔහොම තමයි.
ලංගම බස් පමණක් නොවෙයි. පෞද්ගලික බස් රථ ඔයිට වඩා අන්තිමයි. අපි බස්වල යන මිනිස්සු. අපි දන්නවා බස්වල සිටින මගින් කැගහන්නේ නැහැ කවදාවත්ම ඔය තරම් වේගයෙන් යන්න කියල. අපි කැමති නියමිත වේගයෙන් පරිස්සමින් යන්න. අනික අපි ඉස්සර ඉදන් දන්නේ සහ දකින්නේ ලංගම බස් බොහොම විනීත රියදුරන් පදවනවා කියල. බොහොම මෑත කාලයේ සේවයට ගත්ත රියදුරන් තමයි ඔය ලොරි චැසි බස් අපරික්ෂාකරිව ධාවනය කරන්නේ.
මෙය සම්පුර්ණ වැරැද්ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වගකිය යුතුයි. හේතුව ගමනා ගමන මණ්ඩලයට බැදුන බස් රියදුරන් පෞද්ගලික ධාවනයේ යෙදුන රියදුරන්ය.