IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙය වූ කුඩු ජාවාරමක් හෙළි වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ  එච් චන්දන )

 
රුපියල් ලක්ෂ 10 කට ආසන්න හොරොයින් තොගයක් සමඟ සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙරොයින් ලබාදිමේ ජාවාරම මෙහෙයවා ඇත්තේ මිනීමැරුම් චෝදනාවකට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු බව මේ වන විට කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය අනාවරණය කරගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ සිට කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුව ඇති බවත් එම රැඳවියා බන්ධනාගාරය තුළ ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව කියයි.මෙම පුද්ගලයාගේ බිරිදගේ සහෝදරියන් හරහා කිසිවකුටත් සැක නොසිතන ලෙස මෙය මෙහෙයවා ඇති බව මූලික විමර්ශන වලදී අනවරණය වී ඇත.

කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා බන්ධනාගාරයේ සිටි ජාවාරමට සම්බන්ධ රැඳවියා මෙම සැකකරුට දුරකථනයෙන් කථා කර ඇති බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (29) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

( හිරාන් ප්‍රියංකර ) 



අදහස් (0)

මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙය වූ කුඩු ජාවාරමක් හෙළි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 819 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site