(ටී.කේ.ජී.කපිල)
සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (13) කටුනායක ගුවන්තොටුපළට ගොඩ බස්වා තිබේ.
එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම හේතුවෙන් මෙලෙස හදිසියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා ඇත.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන්ව වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.
ඉන්පසුව මෙම ගුවන් යානය වෙත ගිය කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරුන් , මෙම ගුවන් මගීන් දෙදෙනා පරීක්ෂා කර බලා , ඔවුන් දෙදෙනා මිය ගොස් සිටින බව ප්‍රකාශ කර තිබේ .
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙකු වන අතර ඒ අතරින් එක් අයෙකු කාන්තාවකි. 77 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් හා 64 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයෙකි.
පසුව ඔවුන්ගේ මළ සිරුරු ගුවන් යානයෙන් ඉවත් කර , මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ල දන්නේ නැතිද අපිට හදිසියට ගොඩ බාන්න ගුවන්තොටුපොළක් තියෙන වග.
කමල් කොහෙද? අර කැලේ හදපු 'අන්තර් ජාතික' එකද?