IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුඛ ආවරණ නැතිව සාදයට ගොස් 50,000ක් දඩ කති

(ඩී.ජී.සුගතපාල)
 
මුණ ආවරණ නොමැතිව නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයකට සහභාගි වීම සම්බන්ධයෙන් වරද පිළිගත් 10දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  මහතා අද (01) එක් අයෙකුට රුපියල් 5,000 බැගින් රුපියල් 50,000ක දඩ නියම කළේය.
 
මෙසේ දඩ නියමවු දස දෙනා අතර කාන්තාවෝ තිදෙනෙක් ද වෙති.
 
උණවටුන ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට මෙම පිරිස මුඛ ආවරණ නොමැතිව සහභාගි වී මත්පැන් පානය කරමින් අලුයම වනතෙක් සාදයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව   හබරාදුව පොලිස් ස්ථානයේ නිලධාරින් ගොස් නඩු පවරා ඇත.
 
හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමල් ප්‍රේමවංශ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

මුඛ ආවරණ නැතිව සාදයට ගොස් 50,000ක් දඩ කති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site