(විනීතා එම් ගමගේ සහ රන්ජන් කස්තුරි)
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක.
සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයා වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීමය.
COMMENTS
'හොඳම පුරවැසියා' නාමයෙන් පුද ලද මහින්ද දේශප්‍රිය මැතිඳුනි, ඔබ වැනි කොන්දක් සහිත රාජ්‍ය නිලධාරියෙකු අපේ පරිපාලන සේවයේ සිටීම ගැන මම ආඩම්බර වෙමි. ඔබතුමාට දිගාසිරි පතමි.
අනේ මැකෝ මාමේ යන්නේ මොකෝ මේ තකහනියේ. අනේ ඉන්න. ඔබගේ අව්‍යාජ සිනහවත් සුන්දර චරිතයත් බිම පය ගහලා ඇවිදින මිනිසෙකු සතු නිරහංකාරකමත් මුළු රටම ප්‍රිය කරනවා, අගය කරනවා. අනේ හැකිතාක් දුරට ඉන්න.
මහා මැතිවරණයෙන් පසුව යන්න
මැකෝතුමනි ඔබගෙ තවදුරටත් පිටියෙ රැඳී සිටින්න. රට වැසියන්ට ඔබ තරම් රසවත් නිහතමානි මැකෝවරයෙක් ඉදිරියේදි හමු නොවනු ඇත.
දුකයි දුකයි දුකයි...
එතන්ටත් තමාට ඕනේ කෙනෙක් දාගත්තම වැඩ හරිනේ.
හොඳම මිනිසුන් ඉක්මනටම විශ්‍රාම යනවා
කියපු විදිහටම කරපු එක හොඳයි. හැබැයි ව්‍යවස්ථාදායක සභාව එපා කිව්වොත් ඉන්නවද? නැත්නම් තමන් දේශපාලකයෝ වගේ නෙමෙයි ඒ හින්දා තමන්ගේ තීරණය නොනැවෙන තීරණයක් කියලා යනවද? මේ තනතුරට පත් කරන්න ඕනේ අපක්ෂපාති, රාජ්‍ය සේවයේ සක්‍රියව සේවය කරන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මැතිවරණ කොමිසමේ සභාපති විදිහට අනුයුක්ත කිරීමක් විදිහට. මේ මැකෝ කාටවත් වග කියන්නේ නැහැ. නමුත් සක්‍රිය සේවයේ ඉන්න රජයේ නිලධාරියෙක් රජයට රටට සහ ජනතාවට කෙලින්ම වග කියනවා. ඔහු හෝ ඇය එතකොට විවිධාකාරයේ රාජ්‍ය සහ පෞද්ගලික උත්සව වලට සහභාගී වෙන්නෙත් නැහැ. මැකෝ වගේ තමන්ගේ විෂයට අදාළ නොවෙන දේ හෝ පෞද්ගලික ජීවිතේ ගැන කියවන්න යන්නෙත් නැහැ. ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක් ඉහත දේ කිරීමෙන් ඔහුගේ අපක්ෂපාතිත්වය ගැන ගැටලුවක් මතු වෙනවා.
මැකෝ පරිපාලන සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරියෙක් නෙමෙයි. ඔහු 2015 ජුනි මාසේ අග විශ්‍රාම ගත්තා. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති විදිහට ඊට පස්සේ පත් කළා.
කොහොම වුණත් මෙතෙක් මේ රටේ පහළවුණු මැතිවරණ කොමසාරිස්වරු අතරින් අපක්ෂපාතීම නිහතමානීම පිට කොන්දක් තියන එකම කෙනා තමයි මෙතුමා. මෙතුමාත් ගියහම ඉතින් ඡන්ද වලදී අර ඉස්සර දාපු සෙල්ලම් ටික ආයෙත් ඒ විදියටම කට්ටිය දාන්න ගනීවි...
රටේ නීතිය අනුව මැතිවරණ කොමිසමට කොමසාරිස්වරයෙක් නැත. ඉන්නේ සමාන බලතල පවරා ඇති සාමාජිකයින් තිදෙනෙකි. ඊයේ(28) දින සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එහි එක සාමාජිකයෙක් වන මහාචාර්ය රන්ගජීවන් මෙසේ කියා ඇත "මම ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව විමසීමක් කළ විට ඔවුන්ට ප්‍රතිචාර දැක්විය හැක්කේ කොමිසමේ නිල ඉල්ලීමකට පමණක් බව මට දන්වනු ලැබුවා. මම එය කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. එහිදී ඒ වනවිට ගෝඨාභය එවකට අපේක්ෂකයෙකු නොවූ නිසා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඊට පසුව රාජපක්ෂ මහතා අලි සබ්රි සහ තවත් අයෙකු අාරාධනාවකින් තොරව කොමිසමට පැමිණියා. එහිදී ඉදිරිපත් කළ ලිපි සැක සහිත බව මට පෙනුණ නිසා එය අභියාචනාධිකරණයෙන් විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්ණයක් කියා මා සිතුවා...
ඔබතුමාට බැරිද අපේ අනාධිපති වෙන්න...? ඊළඟ ඡන්දෙට ඉල්ලන්න. මගේ ඡන්දය ඔබටයි...
අන්න හරි! මේ එක්කම අර බූත කොමිෂන් ටිකත් පැන්ෂන් යැව්වා නම් හරි! ඒවා වලින් කිසි වැඩක් නෑ, ආණ්ඩුවට බරක් විතරයි. මනුස්සයෙක්ට වැඩක් කරන්නත් බැහැ.
ඇයි ඔය ලියුම ගිය ආණ්ඩුව ඡන්ද කල් දාද්දි යැව්වේ නැත්තේ?
ජෝක්ස් දුන්නා ඇති. දැන් ගෙදර යන්න.
හරිනම් නඩු දාන්න ඕනේ කරපු කුමන්ත්‍රණයට. මැකෝ ගගා පස්සෙන් යන අය දන්නේ නැහැ ඒවා..
පරිපාලන සේවයේ නිලධාරීන් අතුරින් සුපිරි ගණයේ රජයේ නිලධාරියෙක් මෙතුමා වෙනුවට නිලධාරියෙක් පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මහින්ද දේශප්‍රිය මැතිඳුනි, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔබ සඳහන් කර ඇති බව සඳහන් කළත්... එම මැතිවරණය නොපැවැත්වූයේ මෙම ජනපතිවරයා ප්‍රමුඛ රජය නොව ඔබව මැකෝ ලෙස පත් කළ හිටන් ප්‍රමුඛ රජයයි. එම රජය පැවැති කාලය පුරාවටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද කිරීමට ඔබතුමා ප්‍රමුඛ කොමිසම සක්‍රීයව දායක වුණා අමතකද? අනෙක් ප්‍රධානම කරුණ නම් පළාත් සභා නමැති සුදු අලියා නැවතත් මේ මහපොළව මත නැගිටවියයුතු නැත. එසේ නොවුණහොත් උතුර, නැගෙනහිර පළාත්වලට වෙනම රජයක් අවශ්‍ය බව පෙන්වීමට දඟලන දෙමල ඩයස්පෝරාවටත් අරමුණු ඉටුවනු ඇත. එමනිසා පළාත් සභා මැතිවරණය පිළිබඳව නොකියා ඒ ගැන පෙනී නොසිට ඔබට අවශ්‍ය නම් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. කෙසේවෙතත් ඔබ වැනි සුන්දර චරිත ලක්ෂණ සහිත නිරහංකාර නිලධාරියෙකු අප රටට අහිමි වීම ගැන කණගාටු වෙමි. ඔබතුමාට දිගාසිරි පතමි....
මෑත කාලීනව තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් කළ කෙනෙක් හැටියට ඉතිහාසගත වේවි. දිගාසිරි මහින්ද දේශපි‍්‍රය මහතාණනි. නමුත් ඉල්ලා අස්වීමට හේතුව වශයෙන් දක්වා ඇති පළාත් සභා නමැති සුදු අලියා නිසා හිතට කණගාටුවක් ඇත. සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන වාසි තකා අකමැත්තෙන් වුවත් පැවතිච්ච ආණ්ඩුව කළ හොඳ දෙයක්...
මෑත කාලීනව තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් කළ කෙනෙක් හැටියට ඉතිහාසගත වේවි. දිගාසිරි මහින්ද දේශපි‍්‍රය මහතාණනි...
ඉතා හොඳින් කරපු වැඩකාරයෙක් අන්තිම්දී අනාගත්තා යැයි සිතෙන්නේ මට විතරද?
ගෝඨාභයගේ පුරවැසිභාවය යට ගැසූ හැටි, ඡන්ද ප්‍රතිඵලයට ජිල්මාට් දැමූ හැටිද?
ඇත්ත හේතුව මොකක්ද කියලා එයාම තමා දන්නේ.. සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. ඊළඟට එන ඡන්දෙදී කොම්පියුටර් ජිල්මාට් කාරයන් ඉන්න හින්දා බය ඇති...
ඔබ අස්වුණත් කමක් නැහැ. පළාත් සභා නම් එපා. නීතිය, සදාචාරය, හික්මුණුකම සහ දැන උගත්කම තියෙන, ඒ වගේම දේශපාලකයෙක් නොවන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් අාණ්ඩුකාරවරයා ලෙස පත් කළාම හොඳටම අැති. නැවතත් පළාත් සභා නැත්නම් සල්ලිත් ඉතුරුයි. වැඩේත් නියමයි. ඒ නිසා ඔබ අස්වුණත් කමක් නැහැ.පළාත් සභා නම් එපා.. නිකං අපතයින්ට, හොරුන්ට, වහල්ලුන්ට සල්ලි හම්බ කරගන්න. නැවතත් පළාත් සභා නම් එපා. ඔය යන වදියට යද්දෙන්. ගණන් හදලා බලන්න රටේ සල්ලි කොච්චර ඉතුරුද කියලා. ගෙවන්නේ මහජන බදු මුදල්. පළාත් සභාව නැති වුණයි කියලා දැන් මොකක්ද තියෙන අඩුපාඩුව.