බටහිර මෙක්සිකෝවේ ගෙරේරෝ ප්‍රාන්තයේදී සංගීතඥයින් 10 දෙනෙකුට අපරාධ කල්ලියක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
සාදයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී, සංගීත කණ්ඩායම රැගත් රථයට මග රැක සිටි මෙම පිරිස වෙඩිතබා ඇත.
මොවුන් දේශීය සංගීතය හදාරමින් කලාවෙහි නියැලුණු පිරිසක් බව සැලකේ. මියගොස් ඇත්තේ අවුරුදු 15 සිට 42 දක්වා වන වයස් කාණ්ඩවල පසුවන පිරිසකි.
ගෙරේරෝ යනු මෙක්සිකෝවේ ප්‍රචණ්ඩකාරී ම ප්‍රාන්තයක් බව සැලකේ. එහි නිතර මෙවැනි ඝාතන සිදුවන බව වාර්තා වේ.
පිළිස්සුණු මළ සිරුරු හඳුනාගත නොහැකි තත්වයේ පැවතීම හේතුවෙන් ඒවා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදීම බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
(බීබීසී ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd