(නිමන්ති රණසිංහ)
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබායි අධිකරණය මැයි මස 02 වැනිදා තෙක් කල් තබා ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (18) පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇති තම මව් රට වූ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා මාකඳුරේ මධූෂ් නැමැත්තා එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනය අද(18) එරට අධිකරණය ඉදිරියේ සැලකිල්ලට ගෙන ඇති බවත් එහිදී මෙම නියෝගය ලබා දී ඇති බවත් එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 21
164
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1105
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි
Ariyathilaka Thursday, 18 April 2019 10:34 PM
“ප්‍රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමනකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්‍රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන්, ප්‍රචණ්ඩත්වය ගරු කළ අපරාධකරුවන් සියලු දෙනාම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. ධර්මාශෝක රජතුමා ප්‍රචණ්ඩත්වය අතහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධකාරයෙකි. හෙරොයින් ජාවාරම්කරුවන්ට කිසිඳු පොදු යහපත් අරමුණක් නැත. ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරිකර ගැනීමය... රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අඳුරු අගාධයට ඇදදමා තම කාරිය කරගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීරකම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමාවීමට කාලය එළැඹ ඇති සේය... රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බරකම නිමාවිය යුතුයි.
Ariyathilaka Friday, 19 April 2019 05:55 AM
“ප්‍රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්‍රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන් , ප්‍රචන්ඩත්වය ගරු කළ අපරාධ කරුවන් සියලු දෙනා ම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත; ධර්මාශෝක රජතුමා ප්‍රචණ්ඩත්වය අතැහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධ කාරෙයෙකි.හෙරොයින් ජාවාරම් කරුවන්ට කිසිදු පොදු යහපත් අරමුණක් නැත; ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරි කර ගැනීමය රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අදුරු අගාධයට ඇද දමා තම කාරිය කර ගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීර කම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමා වීමට ආසන්න සෙයකි. රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බර කම නිමා විය යුතුය.