IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5ක් අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

පුරාවිද්‍යා වටිනාකම් සහිත ඉඩම් භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පරීක්ෂාකළ පුද්ගලයින් පස් දෙනකු නවීන ස්කෑනර් යන්ත්‍රයක් හා කැබ් රථයක් සමඟ අද (28)  වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් , ඔවුන් පැමිණි කැබ්රථය හා ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

විශේෂ කාර්ය බලකාය පැවසූයේ සැකකරුවන් ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන රැසක භූගත වස්තූන් සොයා ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂාකොට ඇති බවට තොරතුරු ලැබීතිබූ බවත්ය.

නිධන් සොයමින් අදාල පිරිස එම ස්ථානයන් හි පරීක්ෂා කිරීම් සිදුකරන්නට ඇති බවට සැකපලකරන බවත් සඳහන් කළේය.

සැකකරුවන් පිරිස මුල්ලේරියාව , පුත්තලම , මල්වාන හා දොම්පෙ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55ත් 40 අතර වයසේ පසුවන්නෝ වෙති.

අත්අඩංගුවටගත් සැකකරුවන් පිරිස හා ස්කෑනර් යන්ත්‍රය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා වවුනියාව මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.

මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය , වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

 

 

           



අදහස් (0)

භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site