IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


භාණ්ඩ 15 ක් සතොසෙන් අඩු මිලට

(යොහාන් භාසුර)

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 ක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1, 000 ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සතොස ඍජු දුරකථන අංක වන 1998 ට ඇමතීම මඟින් මෙම  භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ද සඳහන් කළේය.

ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

 

 



අදහස් (5)

භාණ්ඩ 15 ක් සතොසෙන් අඩු මිලට

සමන් - ඕමානය Sunday, 07 November 2021 01:35 PM

".... එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ද සඳහන් කළේය". එතකොට නිෂ්පාදනය වැඩි කරන්නද රසායනික පොහොර තහනම් කළේ? ඔය කතාව ඔයාගේ ලොක්කා එක්ක කියන්නකෝ අනේ...! ඔයාට ලොකු උම්මා එකක් දෙන්නම් පනේ...!!!

:       3       6

ගොවිරාළ Sunday, 07 November 2021 02:19 PM

සමන්ගේ අදහස නිවැරදියි.. හාල් නැතුව බත් කන්නම් කිව්වා වගේ පොහොර නැතුව වී ගොවිතැන එළවලු වගාව කරලා කොහොමද නිෂ්පාදනය වැඩිකරන්නේ... මංතීරු හැදුවාම නිෂ්පාදනය වැඩිවෙනවාද? එක දවසේ මාර්ග 1500 හැදුවාම නිෂ්පාදනය වැඩි වෙනවද? 2500 කින් හතර දෙනෙකුට මාසයක් කන්න පුළුවන් කියපු ඇදුරුතුමා නිෂ්පාදනය වැඩිකරන ක්‍රමයවත් කියලා දෙන්නකෝ...!!!

:       2       8

swene Sunday, 07 November 2021 03:45 PM

ඔය මල්ලේ භාණ්ඩ 15න් පාරිභෝගිකයාට අවශ්‍ය නැති ඒවත් තියෙනවනේ. ඒවා ගෙදර ගෙනිහින් මැල්ලුම් කන්නද?

:       2       2

ravin Sunday, 07 November 2021 04:35 PM

නිකන්ම නිකන් කටමත් දොඩවන්නෙක් .ගැසට් ගහලා භාණ්ඩ අඩුකරනවා කිව්වා .අන්තිමේදී උනේ තිබුන ටිකත් නැති උන එක .කට ඇරියොත් පොතේ තියන න්‍යාය ධර්මයන් කියවනවා මිසක් ප්‍රායෝගිකව කල හැකි දෙයක් කියවනවා නම් කමක් නැහැ .ශරීරයේ අපද්‍රව්‍ය පිට කල හැකි මාර්ග සියල්ලම එක පාරටම අරිනවා විතරයි

:       0       0

ගමේ එකාලා Sunday, 07 November 2021 06:51 PM

ඔයිට වැඩිය නරකද ආර්තික ඔස්තාර් තුමෝ තණකොළ මිටියකුයි, පුන්නක්කු බාල්දියකුයි දුන්නානම් ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 256 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 600 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site