IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම හොඳ නැහැ

(සුජිත් හේවාජුලිගේ)

බොහෝ ආයතනවල  සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත්  සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට  දෑත් සේදීම සඳහා මුල් කාලයේදී  සවි කෙරුණු බොහෝ ජල කරාම පවා මේ මොහොත වනවිට   ක්‍රියාත්මක නොවන බවත්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

අත් සේදීම සඳහා ආයතන  සහ සාප්පු සංකීර්ණය ඉදිරිපිට  සවි කෙරුණු   බොහෝ ජල කරාමවල සමහර කොටස් කැඩී ගොස් අක්‍රියවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සමහර ආයතන  ඉදිරිපිට ජල කරාම ඇතත් ඒවායේ වතුර නැතැයිද  සඳහන් කළේය.

මේ ආකාරයට කටයුතු කිරීම  ඥානාන්විත පියවරක් නොවන බවද ඔහු පැවසුවේය.

කොවිඩ්  පැතිරීම යම් ආකාරයකට පාලනය වී ඇතත්  ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කිරීම දිගටම කළ යුතු බවත් එසේ කටයුතු නොකළහොත්   අවදානම් තත්වයන් යළිත්  ඇති විය හැකි බවත්  ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, දෑත් සබන් යොදා  නිතර සේදීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය පවත්වාගෙන යෑම සහ  පොදු ප්‍රවාහන මාධ්‍ය හැකිතාක් මගහැරීම යනාදීවූ සෞඛ්‍ය නීති  ජනතාව දිගටම ක්‍රියාත්මක කළ යුතු බව කී හෙතෙම පාසල් විවෘත කිරීම වැනි කටයුතුවලට  යොමු වීමට හැකි වන්නේ එසේ කටයුතු කළහොත් පමණක් බවද  ප්‍රකාශ කළේය.

වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා  රෝගය යළි පැතිරුණහොත් අලුත්  සැර කොරෝනා ප්‍රභේද බිහිවනු ඇතැයිද ඔහු පැවසුවේය.

මේ අතර විවිධ මිථ්‍යා මත නිසා සමහරුන් කොරෝනා මර්දන  එන්නත ලබා නොගන්නා තත්ත්වයක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

කොරෝනා  එන්නත් ලබා ගැනීමෙන් වඳ භාවයට පත්වන බවටත්  පුරුෂ ශක්තිය හීන බවටත් වැරදි අදහස් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පැවසූ ගුණසේන මහතා යම් යම් එන්නත්  වඩා හොඳ බවටද  සමහරුන් වැරදි ප්‍රචාර ගෙන යන බව සඳහන් කළේය.

මෙවැනි මිථ්‍යා මතවලට නොරැවටී ළඟම ඇති එන්නත්  මධ්‍යස්ථානයෙන් කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් ලබා ගන්නැයි ඉල්ලා සිටින බවත්  කොරෝනා  වැළඳීමෙන්  මරණ සිදුවීම සහ  බරපතළ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම සඳහා එන්නත  ලබාගැනීම ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (2)

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම හොඳ නැහැ

lakvidu Wednesday, 29 September 2021 02:20 PM

තමුන්නාන්සෙ එන්නත් වලට කරපු පිස්සු විකාරෙ හොදයි කියලද හිතං ඉන්නෙ?

:       0       0

රෙක්ස් Wednesday, 29 September 2021 04:51 PM

ඔහෙලා එන්නත් බෙදුව හැටි නම් හරි ශෝක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site