IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට

(බන්දු තඹවිට)

බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත ,රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන ,වේයන්ගල්ල ,අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් විසින් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් තිබෙන බවට මොවුන් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.

 



අදහස් (10)

බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට

Bamunuarachchi Thursday, 25 April 2019 03:44 PM

වැඩේ කෙරෙනවානම් මොනනමින් හිටියත් අපිට මොකෝ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලාම කපමු.

:       1304       1311

rasika Thursday, 25 April 2019 04:53 PM

සිංහල බෞද්ධයන් මුස්ලිම් පල්ලි වලට ගැහුවා කියල ප්‍රචාරය යවන්න වෙන්න ඇති. මීට කලකට ඉහත දිගනදී මුස්ලිම් කඩ වලට ගැහුවෙත් මොවුන්ම වෙන්න ඇති.. සිංහල බෞද්ධයන් පිට වරද දාන්න. මේ ආණ්ඩුවත් කලේ ඒකමනේ.. ත්‍රස්තවාදයට ආගමක් නැත. දැන්වත් මුස්ලිම් සහෝදරයන්ට තේරුම් යන්න ඕනේ මුස්ලිම්වරුනුත් ආරක්‍ෂිත නැහැ කියල මේ අන්තවාදීන්ගෙන්.. මුස්ලිම් සමාජයෙන්ම මේ අන්තවාදී කල්ලි විනාස කරන්න ඕනේ..

:       44       1597

BamunuarachchiFriday, 26 April 2019 12:11 PM

මුස්ලිම් සහෝදරයෝ ? අපිට මොවුන් මුස්ලිම් ත්‍රස්තවාදීන්.

:       0       1

Infas Thursday, 25 April 2019 05:07 PM

තව්හීද් ජ්මාත් වහාම තහනම් කල යුතුයි .

:       3       1596

BamunuarachchiThursday, 25 April 2019 10:51 PM

තව්හිද් ජමාත් තහනම් කළාට ඒවාට සම්බන්ධ මිනිසුන් එහෙම්මමයි. මේ ආගමික ත්‍රස්තවාදයක් නිසා මොවුන්ව පුනරුත්ථාපනය කරන්නත් බැහැ. මින් එහාට මෙය නවතින්නෙත් නැත. කළයුත්තේ එකම දෙයයි. එය සිදුවේවි....!!!

:       0       0

Prase Thursday, 25 April 2019 05:12 PM

ඕක රඟපෑමක්

:       544       257

ඈපා Friday, 26 April 2019 01:41 AM

බමුණු මහත්තයෝ ඔබේ බොහෝ අදහස් සමග මා එකග වන නමුත් මේ අදහස සමග එකග විය නොහැකිය. මන්ද මින් සිදු වන්නේ යලිත් යුද්ධයකට මුල පිරීමකි. ඔවුන් පෙනී සිටින්නේ ඇමරිකාව වැනි බටහිර රටවල උවමනාව වඩාත් සාර්ථක කර ගැනීමට පෙනේ.

:       0       0

Nalaka Friday, 26 April 2019 04:15 AM

බමුණුආරච්චි මොලේ තරම පෙන්නලා තියෙන්නෙ. තවත් කළු ජූලියකට ගියොත් ලංකාවට තව අවුරුදු ගානක් ආපස්සට යන්න වෙයි. බමුණා කියන්නේ මේවා මෙහෙයවන බලයට තන්හා ඇති පාලකයන්ගේ හොරනෑවක් බව පේනවා.

:       0       0

isurandi Saturday, 27 April 2019 06:24 AM

මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිංහල අන්තවාදීන් ඉන්න බව ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තරය අතර වැරදි මතයක් ගොඩනැගීමට ප්‍රයත්න දැරුවා.... නැවත නිවැරදි කිරීමක් කළා එය එහෙම වුනේ නැතිබව. ඉතින් මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගතයුතුයි.

:       0       0

muwa Saturday, 27 April 2019 09:42 AM

මොවුන් අාවේ ගහන්න නෙවෙයි ගහනවා වගේ පෙන්නන්න.. ලස්සනට මාධ්‍යයට දෙන්න පුළුවන්නේ සිංහල අන්තවාදීන් මුස්ලිම් පල්ලිවලට ගැහුවා කියලා...

:       19       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site