IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිට  බලය තිබුණත් මේ දෙයාකාරයට හැරුණු විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී නැතැයි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන්  මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.

 

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාපිතව පැවරී ඇති  වගකීම් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, ජාතියේ සමගිය සහ සංහිඳියාව ඇතිවන පරිදි කටයුතු කීරීමට බැදී සිටින්නේ යැයි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කීවේය.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු  ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේ පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මෙම කරුණු දැක්වීම කළේය.

 

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍බුවනෙක අළුවිහාරේ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

 

ජනාධිපති  විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර පෙත්සම්කාර පාර්ශවවල වැඩිදුර කරුණු දැක්වීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

 



අදහස් (0)

බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 150 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site