(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, පාර්ලිමේන්තුවට සහ ජනතාවට කන් නොදී ගෝත‍්‍රක රජ කෙනෙක් ලෙස රට පාලනය කිරිමට මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ දරන බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.
රට තවදුරටත් අස්ථාවර නොකර මහජන නියෝජිතයන් බහුතරයක් සමඟ අගමැති පදවිය දරන්නට සුදුසු පුද්ගලයා සමඟ ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයිද විජේසූරිය මහතා සදහන් කළේය.
රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(04) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.
‘‘පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපතිවරයා විසින් කරන ලද කුමන්ත‍්‍රණය මොන තරම් නරක තතත්වයකට අද වෙනවිට පත්වෙලාද කියන එක ටම් රටේ නොදන්න කෙනෙක් දැන් නැහැ. මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා දැරූ සියලු උත්සාහයන් අද වනවිට ව්‍යාර්ථවෙලා තියෙනවා.
ඔහු ප‍්‍රථමයෙන්ම කිවුවේ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බව. පාර්ලිමේන්තු වට රවුමේ පැවති රැස්විමේදීත් ඔහු ඒ බව ප‍්‍රකාශ කලා. එම රැස්විමට අදාලව දාලා තිබුණු පුවරුවල තිබුණේ 113 එකතු කිරීමේ ලකුණයි. ඒක ඔහුට ඔප්පු කරගන්න බැරිවුනහම ඔහු පාර්ලිමේන්තුව කල්දාලා පසුව විසුරුවා හැරියා.
මේ සම්බන්ධව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළැඹුනහම ඒ ලැබුනු ප‍්‍රතිපල වලට අනුව තමන් කරපු දේ නිතියට සහ ව්‍යවස්තාවට පටහැනි බව ජනාධිපතිවරයාට හොදටම වැටෙහෙන්නට ඕන. එක තැනක වරදක් වුනහම ඉන් පාඩමක් ඉගෙන ගෙන නිවැරදි වෙන්න ඕන. ජනාධිපතිවරයා ඒ වරදින් තවත් වැරදි ඇතිකරන තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා.
පෙත්සම් විභාග අවසන් වනතෙක් අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දිලා තියෙනවා. ඒක ඉතාම වැදගත් තින්දුවක් වෙනවා. ඉන් අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුම් කරන අතරම විවිධාකාර බලපැම්වලට තර්ජන වලට අධිකරණය සසල නොවන බවත් එම තීන්දුවෙන් ගම්‍ය වුනා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බහුතරය ඇති අගමැති පදවිය දරන්න සුදුසු පුද්ගලයා සමග ජනපති කටයුතු කළ යුතුයි
Bandara Tuesday, 04 December 2018 10:11 AM
මේ අය තමා රට විනාශ කරන්නේ....
hira Tuesday, 04 December 2018 10:14 AM
මෙයා කියන්නේ මහා බැංකුව මහා දවල් මංකොල්ල කාපු අය එක්ක ආයේ පවුල් කන්න කියලද? ඉතින් කොහොමද මේ මනුස්සයා සාදාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නේ. තනි කරම මෙයා කඩේ යන්නේ සල්ලි වලට.
චම්න්දTuesday, 04 December 2018 10:41 AM
මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවේ කවුද කියලා එක පක්ෂයකටම කඩේ නොයන ජනතාව හොඳටම දන්නවා. ඒවා අන්තර් ජාලය පරීක්ෂාකර බලාගන්න...
විජිත් Tuesday, 04 December 2018 03:24 PM
ඒ විතරක්ද...? දුෂිත සිංගප්පුරු ගිවිසුම. ද්‍රවිඩ සන්ධානය සමග හොරෙන් හොරෙන් ගහපු ගිවිසුම්. කවුරුත් නොදන්නා නව ව්‍යවස්ථාව තව මොන මොන ජරාවල් රටට නොකියා අත්සන්කරලාද කවුද දන්නේ. මම හිතන්නේ ඔය වගේ රටට අහිතකර දේවල් ගොඩක් මේ අය කළා.ඒ නිසයි අවසානයේදී ජනාධිපතිතුමා රනිල්ව අගමැති පුටුවෙන් පන්නලා දැම්මේ.
Missaka Tuesday, 04 December 2018 10:31 AM
මුලින්ම මෙවැනි, පණ්ඩිතයින් මුදල් වෙනුවෙන් තමන් දරන මතය මහජනතාවට පටවන්නේ නැතුව සිටිය යුතුයි. මොළ සේදීම වෙනුවෙන් මුදල් හම්බකිරීම ලජ්ජිතයි!
Sanju Tuesday, 04 December 2018 10:34 AM
මේ අය තමයි. මහාචාර්යකම පෙන්නලා, මේ රට කෑවේ. ඔක්කොටම කලින් මේ අයට ගහන්න ඕනෑ. හොඳට තිබ්බ රට කෑවා..
ranga Tuesday, 04 December 2018 10:37 AM
එතකොට ඔබතුමාගේ බිරිදටත් බහුතරයක් ඉන්නවා නම් ඔබතුමාත් පවුල් කනවද?
Cisco Tuesday, 04 December 2018 10:43 AM
මෙතුමාට ලිට්රෝ ගෑස් කම්පැනියෙන් මාසිකව කීයක් ලැබුණද දන්නේ නැහැ.
සෙනෙවි Tuesday, 04 December 2018 10:50 AM
ලිට්රො ගෑස් ප්‍රවර්ධනයට දීපු සල්ලි වලින් මෙව්වද කරන්නේ?
Bandula. Tuesday, 04 December 2018 11:06 AM
සාධාරණ සමාජයක් ගොඩනගනවා කියල ඩොලර් වලට කහින එකෙන් කොහොමද ඔය කියන සාධාරණය ඉටු කරන්නේ? සල්ලි ටිකක් ලැබුණද අතයටින්?
සපුමල් Tuesday, 04 December 2018 11:17 AM
ලිටිරෝ ගෑස් කතා කරයි..මෙවා තමා පිල්ලි
Raveendra Tuesday, 04 December 2018 12:44 PM
අනේ අංකල් මෙහෙම ඇහැව්වට අමනාප වෙන්න එපා. අනේ හැබෑටම පන්මල්ලක් අරගෙන නාන්න යනවද? නැත්නම් සීනි තේකොල ගේන්න දියවන්න ඔය වගුරට යනවද?
Bamunuarachchi Tuesday, 04 December 2018 02:01 PM
ඇ ගොයියෝ ඔහෙට තවම ලිට්රෝ ගෑස් එකෙන් ගෙවනවාද? ගිය ආණ්ඩුව ගෑස් මිල වැඩිකළේ මේ ගොයියන්ට ගෙවන්න. කොහොමද රනිල්ගේ අවමංගල මිල සූත්තරය. අපි අහිංසක අරාබියට බැන්නා. පට්ට ගහහන්න ඕනේ මේ ගොල්ලන්ව...
sg Tuesday, 04 December 2018 04:55 PM
මෙයාගේ කල්කිරියව අපි හොදින් දන්නවා...
Neel perera Wednesday, 05 December 2018 01:16 AM
නිකං හිතන්න කවුද රට සහ රටේ අනාගතය කන්නේ කියලා.....