(සිතුම් චතුරංග)
යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා පෞද්ගලික බස්රථයක් තුළ සඟවා මත්පෙති රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අලුයම වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සතුව තිබී ‘නියුරෝවන් 150 ‘ නැමති ඉන්දියාවේ නිෂ්පාදිත මත්පෙති 1670 තිබී හමුවූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ ත්‍රිකුණාමලය, පාලයුක්කු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 - 25 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් හා මත්පෙති තොගය අද (19) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.