(නිමල් ජයරත්න)

කදුරුවෙල සිට කල්මුණේ දක්වා ධාවනය කරමින් තිබු පෞද්ගලික බස් රථයක් අද(29) වාලච්චේන මියන්කුලම ප්‍රදේශයේදි අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් 22 දෙනෙකු තුවාල ලබා වාලච්චේන සහ මඩකලපුව රෝහල්වලට ඇතුලත් කළ බව වාලච්චේන පොලිසිය පවසයි.
 
ඇතුලත් කල රෝගින්ගෙන් 05 දෙනෙකුගේ තත්වය බරපතල බැවින් ඔවුන් මඩකලපු රෝහලටත් සෙසු සුළු තුවාල ලැබු 17 දෙනා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් වාලච්චේන පොලිසිය පවසයි.
 
බරපලත හා සුළු තුවාල ලැබු පුද්ගලයන්ගෙන් 10දෙනෙකු පොළොන්නරුවේ සිට මඩකලපුව රෝහලේ සේවයට යන සෞඛ්‍ය අංශ සේවකයින් බවද පොලිසිය පවසයි.
 
ලංගම බස් රථයක් පසු කිරීමට යාමේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.