IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල ඉහළ දැමීම, බස් රථ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් සියයට පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මෙයට අමතරව රුපියල් දාහතරක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් විස්ස දක්වාත් සංශෝධනය කළ යුතු බව විජේරත්න මහතා සඳහන් කළේය.

ලබන සදුදා(27) වන විට  එම සංශෝධන ලබා නොදුනහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම, ලිහිසි තෙල් මිල ඉහල යාම, සේවා ගාස්තු ඉහළ යාම  ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවත්  ඔහු කීවේය.

මෝටර් රථ ආඥා පණත සංශෝධනය කිරීම, ගෙවීම් කාඩ් පත හඳුන්වාදීම, බස් රථ සම්බන්ධයෙන් සහනාධාර ක්‍රමවේදයක් දිගින් දිගටම බස් සංගම් ඉල්ලා සිටියත් ඒවා ලබාදීමට ප්‍රවාහන බලධාරීන් මෙතෙක් කටයුතු කර නැතැයි ද විජේරත්න මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මැදිහත්ව මේ සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොකළහොත් එළැබෙන සදුදා  සිට ස්ථිරවම බස් රථ ධාවනයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යාංශයට මේ සතිය තුල දැනුම් දෙන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



 

 



අදහස් (0)

බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site