
(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම,කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් අමතර ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්‍රමාණවත් නොවීම වැනි කරුණු මූලික කරගනිමින් ඔවුහු ආහාර වර්ජනය කරති.
නීතිඥවරුන් හමුවිමට දැනට ලබාදෙන විනාඩි 30 කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරුවන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් නම් මෙයාව මේවා එච්චර ලොකු ඉල්ලීම් නොවෙයිනේ නේද.?
" සිරකරුවෝද මනුෂයෝ මෙන්ම සිරකරුවන් නිසා ජිවිත විනාශවුයේ අමනුෂ්යෝ " යන පාඨය පෙරදැරි කරගෙන මෙම සියලුම ඉල්ලීම් වහාම ලබාදෙන ලෙස අප අදාළ පාලනාධිකාරියට "අණ" කරන්නෙමු. එලෙසම දුසිරිතෙන් තොර ජිවිතේට කුරාකුබියෙකුටවත් වරදක් නොකරපු සහ නොකරන මෙම පින්වන්ත උපාසකයන් වන සිරකරු උතුමානන්ලට සතියකට දෙවතාවක්වත් බුරියාණි ලබාදීමට කටයුතු කරන ලෙස දන්වන්නෙමු..
සහෝදරවරුනි අභියාචනයක් කරලා ගෙදර යන්න සකසා ගන්න, ප්‍රශ්න විසඳා ගත්තහැකි.
ආහාර වර්ජනය කිරීමට ඇති අයිතියට බාධා නොකරනු.
එහෙනම් ඉතින් නිරාහාරව මැරෙන්නට හරින්නයි තියෙන්නේ. ඇත්තටම ඒක රටට ප්‍රතිලාභයක්..