
(මනෝප්‍රිය ගුණසේකර)
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිෙ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද පිළිබඳව ලබන 11 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
මෙම නඩුවේ සාක්කි විමසීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එම නියෝගය ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා කිව්වොත් ඉරේ වතුර හොයාගත්තා වගේ කතාවක් වෙනවා...!!!
නීචපතිගේ ග්‍රහයා නීච වෙලා.. නුදුරු අනාගතයේ හිරේ, විලංගුවේ වැටෙනවා නියතයි..
තීන්දුව රටම දන්නවා..., තව දුරටත් මොනවටද කාලය, මුදල් නාස්ති කරන්නේ... අදම දෙන්න තිබුණනේ...
ඔය දර්ශන වලට රැවටෙන්න එපෝ...!
අහක විසිකරපු අනිත් නඩු එක්ක බලනකොට මේ මොන හිඟන පැමිණිල්ලක්ද? නිදොස් කොට නිදහස්... හේතු හොයන්න එපා... හේතු වැඩක් නැහැ. අපි කමු කිරිබත්...
නඩුවෙන් නිදහස් අනිවා... නන්දසේන ආවේ ඔය ටික කරලා යන්න තමයි. දැන් සියල්ලන්ම සුද්දවන්තයින්... මිනීමරුවන් සාන්තුවරු වුණා. ලක්ශ 69ක් දීලා ගෙනාපු කෙනා රටම ඉවර කළා...
කෙදිනක හෝ යුක්තිගරුක පාලනයක් යටතේ මේ නඩු අසා මේ ඔක්කොම ඇතුළට යවන්න ඕනෑ. හරියට චිලී රටේ හිටපු පාලක පිනෝශේට කළා වගේ. කකුළුවා කෙලින්නේ දිය රත්වනතුරු පමණි. එතකල් නටපල්ලා...
පවුල් පාලනේ උදවිය කරලා තියෙන දේවල් වලින් නිදහස් වෙනවා කියන්නේ සුලු දෙයක්....
රටේ පාලන බලය අතට ගත්විට නඩුව ගමන්කරන දිශානතිය වෙනස්වන්නේ ඇයි? මේකද එක රටක්.. එක නීතියක් කියන්නේ....?
ලිත් මුද්‍රණ වියදම් වගේම අධිකරණයේ කාලය, ශ්‍රමය ඒ වෙනුවෙන් වියදම් වගේම මේ ඇමතියා එනවිට ඉස්සරහට, පස්සට වාහන පෝලිම් ආමි ගාඩ් එකට කොපමණ වියදම් වෙනවාද? අපරාදේ ජනතා මුදල්... ඕක ඔතැනම විසිකරන්න...