(අනීෂා මානගේ)
ලංගම බස් රථ සඳහා ටයර් සහ අමතර කොටස් මිලදීගැනීමේදී වංචා කරන ආයතන අසාදුලේඛනගත කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(29) පැවසුවේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තංගල්ල ඩිපෝවේ සංචාරකට එක්වෙමින් මේ බව කීය.
මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඩිපෝ සේවකයින්ගේ ගැටළුද සාකච්ඡා කළ අතර, තංගල්ල ඩිපෝවේ විවිධ අංශවලට ගොස් එවායේ තත්ත්වය පරීක්ෂා කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසුවේය.
“ඩිපෝවේ අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා නැහැ. සේවක පහසුකම් නැහැ. බස් රථවල තත්ත්වයත් ඉතාමත් දුර්වලයි. තංගල්ල ඩිපෝවේ ප්‍රශ්න ගණනාවක් අනාවරණය කරගත්තා. බස් රථවලට ප්‍රමාණවත් තරම් රියැදුරු සහ කොන්දොස්තරවරු නැහැ. කාර්මික අංශයේත් අඩුපාඩු තිබෙනවා. සේවකයන් සතුටින් සිට වැඩ කිරීමේ තත්ත්වයක් ඇති කරනවා.
බස් රථ අලුත්වැඩියා කිරීමේදී අමතර කොටස් සහ ටයර් ලබා ගැනීමේදී බාල භාණ්ඩ ඉහළ මිලකට භාණ්ඩ ගෙන්වන බවට අනාවරණය වී තිබෙනවා. මේ භාණ්ඩවල සැපයුම්කරුවන් ආරක්ෂා කිරීමට අපට අවශ්‍ය නැහැ. මේ විදියට භාණ්ඩ ලබා දෙන අය ඉන්නවා නම් අසාදු ලේඛනගත කරන්න බලාපොරොත්තු වෙනවා. වචාවෙන් දූෂණයෙන් තොරව පාලනය කිරීමයි මම බලාපොරොත්තු වෙන්නේ.
තංගල්ල ඩිපෝවේ ඇති එකම සුඛෝපබෝගී බස් රථයත් දැන් ධාවනය වෙන්නේ නැහැ. අධිවේගී මාර්ගයේ ධාවනයට තවත් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ලංගමයට අයිති විය යුතු 50% ලාබය ඉදිරියේදී ලබාගන්න පියවර ගන්නවා.
දේශපාලනිකව බෙදෙන්නේ නැතුව විවිධ වෘත්තීය සමිති එකාවන්ව වැඩ කරන්න. හිතාමතාම සේවාව කඩාකප්පල් කරන්න යනවා නම් අපිටත් තීන්දුවක් ගන්න වෙනවා.
බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සමාජයේ පිළිගැනීමක් සහිත රැකියාවක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. වරප්‍රසාද සහ මාසික පඩිය අනෙක් රජයේ සේවකයන්ගේ තත්ත්වයටම පත්කරනවා. දුරගමන් සේවා බස් රථ තේ බොන්න නවත්වන තැන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයාබලනවා. නිසි ප්‍රමිතියකින් යුතු ස්ථාන ස්ථානවලට පමණක් අනුමැතිය ලබා දෙනවා”
තංගල්ල ඩිපෝව ආදර්ශ ඩිපෝවක් බවට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.



2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘බස්රථවල අමතර කොටස් මිලදීගැනීමේදී වංචාකරන ආයතන අසාදුලේඛන ගතකරනවා’
Mahee Monday, 30 December 2019 03:40 AM
බාල භාණ්ඩ වැඩි මිලකට ගෙන්වන එක වෙළෙන්ඳන්ගේ ජොබ් එකනේ. ඒක නවත්වන එක හොඳයි. ඒ වුණාට ලංගම බාර ඇමතිට කරන්න තියෙන්නේ වෙළෙන්ඳන් පස්සේ දුවන එක නෙමෙයි. ඇමති කළ යුත්තේ තමන්ගේ ලංගමයේ ඉන්න හොරු ටික, බාල බඩු වැඩිමිලට ගන්න ලොක්කන් ටික අල්ලගන්න. එ්ක නෙමෙයිද?