
(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල සිට කෙළඹ බලාධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
අද (06) උදේ බදුල්ලේ සිට කොළඹ බලා බසය ධාවනයවෙමින් තිබියදී හල්පේ මංසන්ධිය අසලදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබු මගීන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය කියයි.
තුවාල කරුවන් බණ්ඩාරවෙළ දොමෝදර රෝහල් වලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd