(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැය 8 ක් පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස් නිලධාරීන් 1667 සහභාගීත්වයෙන් පැය 8 ක කාලයක් තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මුලස්ථානය පවසයි.
වරෙන්තුකරුවන් 556 දෙනකු, හොරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 127 දෙනෙක් ද, ගංජා සම්බන්ධයෙන් සැකකරුවන් 71 දෙනෙක් ද, අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 43 දෙනකු ද, නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් 90 දෙනකු, වෙනත් වැටලීම් වලින් 20 දෙනකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේ දී හොරොයින් ග්‍රෑම් 126, ගංජා ග්‍රෑම් 170 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 211 ක්, නීති විරෝධී මත්පැන් ලීටර 1473 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd