
'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.
ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය.
සෞඛ්‍ය අංශ මෙසේ සිවුවැනි එන්නතක් නිර්දේශ කළ බව ඊශ්‍රායල ජනතාවට දැනුම් දුන්නේ එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ය.
ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ 'ෆයිසර්' එන්නතය.
පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි 'කොවිඩ් 19' වසංගතය හිස එසවූ බැවින්, 'ෆයිසර්' සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.
ඒ අනුව, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.
ඒ වනවිට ඊශ්‍රායලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය 'බූස්ටර්' එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. ඊශ්‍රායලයට පසු බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.
දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි.
ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
අතුරු ආබාධ ගැන හරියටම නොදැන විදින මේ එන්නත් පෝලිම නිසා මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බෑ
මෙම බෙහෙත් මාෆියාවට රැවටෙන්න එපා.මිනිසුනේ බුද්ධියෙන් කටයුතු කරන්න.අකාලයේ තමන්ගේ ජීවිතය මේවාට යටපත් කරගන්න දෙන්න එපා.කොරෝනා එන්නත් ලබා ගන්න එපා.දැන් වයිරසය බාල වෙමින් පවතිනවා.මෙම එන්නත් තුලින් ඔවුන් පොහොසත් වුවත් අප ලෙඩ වනවා
මම මේ ගැන කියද්දි මට මතකයි සමහර අය ඉස්සර හිනා උනා... එත් මම නම් හිතුවෙ මේ අවුරද්දෙ එන්නත් දෙකක් විදල ඊලග හැම අවුරුද්දකම එන්නත ගානෙ විදින්න පටන් ගනියි කියල... දැන් බලාපුහම මේ කොම්පැනි කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ කියල තේරෙනව... ඉස්සර එන්නත්වලට පොලිමේ හිටිය... දැන් එන්නත් පොලිමේ එනව... කවුරුවත් හිතුවද විකෘතියක් ආපු ඇසිල්ලෙම ඒකට මෙච්චර ඉක්මනින් වැක්සින් එකක් එන්නෙ කොහොමද කියල...
මේ යන විදිහට මැරෙනකන් එන්නත් ගගහ ඉන්න වෙන්නේ. ස්වභාවිකවම ඇඟේ හැදෙන ප්‍රතිදේහ වලින් ඉස්සරහට ආරක්ශා වෙන්න පුලුවන් වෙයි වගේ
මම එදත් අදත් හෙටත් කවදත් කියන්නේ මේකයි .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ,ජාත්‍යන්තර ගේමක් බෙහෙත් ජාවාරමක්