(ජේ.කේ.එල් චාමින්ද)
බාලවයස්කාර පාසල් සිසුවියක අපයෝජනයට ලක්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයකු සහ ඒ සඳහා අනුබල දුන් සිව්දෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයා 22 හැවිරිදි ගොනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සදහා ආධාර අනුබල ලබාදුන් තරුණයාගේ මව, මස්සිනා, අසල්වැසි කාන්තාවක හා ත්‍රිරෝද රථ රියදුරකු පොලිසිය අත්අඩංගුවට ගෙනඇත.
බාලවයස්කාර දැරිය කාසියදෙනිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවෙයි.
මීට මාස දෙකකට පමණ ඉහතදි සැකකාර තරුණයා මෙකී පාසල් සිසුවිය පානදුර ප්‍රදේශයට රැගෙන ගොස් එහි කුලී නිවසක පදිංචිව සිට ඇත.
පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත. බාලවයස්කාර දැරිය ද පොලිස් බාරයට ගෙන ඇත.
මේ සදහා අනුබල දුන් යුද හමුදා සෙබලෙකුද අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් හා සැකකාරියන් හෙට (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd