මගීන් 127 රැගත් ගුවන් යානයක් බොලීවියා ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව ඇත.
බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් ගුවන් පථයට ගොඩබෑමේදී ගුවන් පථයෙන් ඉවතට ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව ඇත.
ගුවන් යානයේ මඟීන් 122 ක් සහ කාර්ය මණ්ඩලය 5ක් සිට ඇති අතර ඔවුනට කිසිදු අනතුරක් සිදු වී නැත.
එරට වේලාවෙන් උදෑසන 10.00 ට පමණ මෙම සිදුවීම සිදු වී ඇත.
ගුවන් නියමුවන්ගේ උදව් ඇතිව ගුවන් යානය ගුවන් පථයෙන් ඉවත් කර ඇති අතර අනතුරින් පසුව අලුත්වැඩියා කිරීම සඳහා ගුවන් පථය වසාදමා ඇති බව බොලීවියා බලධාරීන් සඳහන් කරයි.
ගුවන් යානය තුළ කිසිදු ගැටලු වාර්තා වී නොමැත අතර ගුවන් යානය ගුවන් තොටුපොළ වෙත ළඟාවීමේදී කිසිදු අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව මගීහු දේශීය මාධ්‍ය වෙත පවසූහ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශණ කටයුතු සිදුකරන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.
( 63226 ) (බීබීසී ඇසුරෙනි )
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොලීවියා ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් අනතුරට