IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බාලවයස්කාර දැරියට අතවර කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට

(දසුන් රාජපක්ෂ) 

ආන්දෝලනයට ලක්ව තිබෙන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින අපයෝජකයන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

හඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා බාගත කළ එම වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන් බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද (2) පැවසීය.

ළමා ආරක්ෂක අධිකාරිය සිදුකරන පරීක්ෂණයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ සහ වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ හඬ සැසඳීමට නියමිත බව ඒ මහතා කීය.

මේ වන විට මෙම වීඩියෝ පටය පිළිබඳව විද්වතුන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියේය.



අදහස් (7)

බාලවයස්කාර දැරියට අතවර කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට

Devinda Uduwara Monday, 02 March 2020 12:00 PM

ඉතා දුක්මුසු සිදුවීමක්...

:       1       32

Rohan Monday, 02 March 2020 12:27 PM

මේ අය වැඩ කරන්නේ හරියට මෙයාලට දරුවන් නැහැ වගේ... එ්වාගේම මේ මිනිහාව අඳුරගෙන තියනවා නම් මොකටද හඬපට පරික්ෂා ඇතුළට දාන්නේ නැතුව මේවා පස්සේ දේශපාලනේ යන්නේ? අන්න එ්කතමයි ප්‍රශ්නේ.

:       1       474

sachithTuesday, 03 March 2020 02:45 AM

මේ පුද්ගලයන්ට හෙට අනිද්දා මැතිවරණෙට නාමයෝජනා ලැබුනොත් පුදුම වෙන්න එපා.

:       0       1

sisira Monday, 02 March 2020 01:20 PM

එවන් තිරිසනුන්ට මහජන අධිකරණය විසින් දඬුවම් දිය යුතුයි..

:       0       498

DarshanaMonday, 02 March 2020 06:08 PM

අපේ රටේ මහජනයා නම් වෙන්න බැහැ , ඔය කියන පුද්ගලයට ආවඩන කී දෙනෙක් ඉන්නවද කියලා ඔහු ගැන කියවෙන යු ටුබ් නාලිකා වල බලන්න, සමහරුන්ට දෙවියෙක්...

:       0       0

Gamage Tuesday, 03 March 2020 03:44 AM

ඔය දූෂකයා හැමෝටම සල්ලි, රෝද පුටු බෙදන කොට හිතුව මොන හරි හුටපටයක් තියේවි කියලා.

:       0       35

amila peiris Tuesday, 03 March 2020 04:13 AM

අපරාදයක් සිදුවුණාම අපරාදකරුට රටේ පවතින නීතියට අදාලව දඩුවම් දීම ප්‍රමාද වීම කොපමණද කියනවනම් ඇතැම් විට අපරාදයක් සිදු කර වසර 15 විතර ගිහින් තමයි දඩුවම් ලැබෙන්නේ. අඩුම තරමේ වසරක් ඇතුලත දඩුවම් නියම කරන්න පුළුවන් නම් යම් තරම් දුරට අපරාද කරන ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන්. අපරාද නඩු වසර ගණන් ඇද ඇද ඉන්නේ නඩු කල් දා දා ලැබෙන මුදල් ප්‍රමාණය මතද ?

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site