(ඩී.ජී.සුගතපාල)
මෙයට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව රෝහල් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාපලගම ගොරකගස්දුව පදිංචිව සිටි කහවෙ ගුරුගේ ගවේෂ් නෙත්සර නැමති 12 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවාගේ මරණ පරික්ෂණය හදිසි මරණ පරික්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේ දි පැවැත්වූ අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදි.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තාකර ඇත්තේ සිසුවාගේ මරණයට හේතුව ජල භිතිකාව බවට සැකකරන අතර වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂනායතනයට යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ස්ථිරවම ප්‍රකාශ කරන බවයි.
මියගිය සිසුවාගේ අක්කා මරණ පරික්ෂණයේදි සාක්කි දෙමින් කියා සිටියේ මෙයට මාස එකහමාරකට පමණ පෙර ටියුෂන් පංතියට යන ගමන් මල්ලි පාරේ දී බල්ලෙක් සපා කා ඇති නමුත් එයට ප්‍රතිකාර නොගත් බවයි.
මරණ පරික්ෂණයේදි ඉදිරිපත්වු සාක්කි හා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරයා මරණ පරික්ෂණයේ තින්දුව පසුවට කල් තබා ප්‍රමාදයකින් තොරව අඩි හයක් ගැඹුරු වලක සිරුර මිහිදන් කරන ලෙසට නියෝග කර සිරුර ඥාතීන්ට බාර දෙනු ලැබිණි.
COMMENTS
හරක් මුදවාගන්නත්, රිලව් මරන්නත් කලින් අයාලේ යන බල්ලන් ගැන බැලුවොත් ජීවිත ඉතිරිවෙයි.
මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නෑ. බල්ලො පූසො හරක්ගෙ අයිතිවාසිකම් හිමිකම් වලට මූලිකත්වය දෙමු. එතකොට තමයි මේ රට සුඛිත මුදිත වෙන්නේ. නියම සත්ව කරුණාව තියෙන පුද්ගලයින්ට මිනිස්සු ගැනත් කරුණාව පහළ වෙන්න ඕනෑ. දැන් ඔය ගොඩක් සත්තු බදාගෙන උන්ට ආදරේ කරන මිනිස්සු ගත්තොත් ඒ අය සමාජෙ එක්ක මිනිස්සු එක්ක ඇරියස් තියාගෙන මිනිස්සුන්ට වෛර කරන කොට්ඨාශයක්. ළමයි හදනවාට වඩා සත්තු හදන්න පෙළඹෙන්නේ ළමයි වහල්ලු වගේ තමන්ට ඕනෑ විදියට හැදෙන්නේ නැති නිසා. ළමයි හැදීම පරිත්‍යාගයක්. ඒකට බෝධිසත්ව ගතිගුණ තියෙන්න ඕනෑ. මිනිස්සු ඈත් කරලා සත්තු ළංකරගන්න එක විසඳුම නෙමෙයි...
ඉස්සර අයාලේ යන බල්ලන් ගේන වැඩපිළිවෙළක් තිබ්බා. නමුත් ධර්මද්වීපයක් කියලා සත්තු මරන එක තහනම් කළා. ප්‍රශ්නෙ ඒක නෙමෙයි, මනුස්ස ජීවිතයක වටිනාකම බල්ලෙකුගේ ජීවිතයට වඩා වැඩියි. ඒක නිසා අඩු ගානේ මරන්නේ නැතිනම් බෙහෙත් විදින වැඩ පිළිවෙළක්වත් ඕනෑ..
මේ වගේ සුලු දේකටවත් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්න බැරි වෛද්‍ය විද්‍යාවෙන් ඇති ඵලය කුමක්ද? හරිම කණගාටු දායකයි.
මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ වුණු සිද්ධියට හැමෝම දොස් පැවරුවේ බල්ලා මරපු කෙනාට... ඒක හරි යයි කියමුකෝ.., බල්ලා හදලා එළියට දාපු කෙනාව මේ වගේ හේතු නිසා රිමාන්ඩ් කරන නීතියක් මේ රටේ තිබුණේ නැහැ. බල්ලන් හදනවා නම් පාරේ අරින්න බැරි නීතියක් මේ රටට අනිවාර්යෙන්ම ඕනෑකරන යුගයක් මේක... බල්ලන් මගින් කොරෝනා බෝ වෙන්නත් පුළුවන්...
අයාලේ යන බල්ලෝ අල්ලලා වඳ සැත්කම් කරන්න ඕනේ. එහෙම නැතිනම් උන්ව එන්නත් කරන්න ඕනේ. එහෙමත් බැරිනම් මරලා දාන්න ඕනේ. මේ මුකුත්ම නොකර නිකන්ම ඉඳීමෙන් ජල භීතිකාව මර්ධනය කළ නොහැක. බල්ලෝ කෑවාට පස්සේ පිස්සු බලු රෝගෙට එන්නත් කිරීම ඉතා මිල අධික සහ අසීරු කාර්යයකි. මාස 3ක් තුළ නිසි කලට වේලාවට එන්නත් 5ක් විතර මේ මනුස්සයාට ගහන්න ඕනේ. මේවා ලංකාවේ සෑම රෝහලකම නොමැත. කරන දෙයක් ඉක්මනට කරන්න. නැතිනම් කොරෝනා නිසා සිටියා වගේ ජලභීතිකාව නිසා මුලු රටේම ඇඳිරි නීතිය දමාගෙන ඉන්න වේවි..!!!