IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘බලය ගත් ආණ්ඩුව සැබෑ නිරුවත පෙන්වනවා‘

(නිමල කොඩිතුවක්කු)

රට සුරක්ෂිත කරන රන් වැටක් ලෙස පෙනී සිටිමින් බලය ගත් ආණ්ඩුව සිය සැබෑ නිරුවත මේ වනවිටත්  ජනතාවට පෙන්වා අවසන් බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙටිකලක් තුළ දශක ගණනාවකට පිළිසකර කළ නොහැකි ව්‍යසනයක් ආණ්ඩුව විසින් රටට සිදුකර ඇතැයිද විපක්ෂ නායකවරයා නිවේදනයක් එක් කරමින් සඳහන් කරයි.

"මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ. වගකීමක් නැති පාලකයින් විසින් මුලු රටම අනතුර වෙත හෙළා තිබේ.විදේශිකයින්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ.

බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් කොළඹ, කොටුවේ පිහිටි ගොඩනැගිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි. ඊනියා සංවර්ධනයක මුවාවෙන් අදාල මගඩිය සිදුවන බවද වාර්තා වෙයි.

මෙරට ජාතික සම්පත් එලෙස විනාශ කරන අතර වසර ගණනාවකට පිළිසකර කළ නොහැකි විනාශයක් මෙරට මුහුදු තීරයට, රටේ ආර්ථිකයට මෙන්ම පරිසර පද්ධතියටද සිදු කරමින් නෞකාවක් ද විනාශ විය. මේරට සුරක්ෂිත කරන රන් වැටක් ලෙස පෙනී සිටිමින් බලය ගත් ආණ්ඩුව සිය සැබෑ නිරුවත මේ වනවිටත් පෙන්වා අවසන් ය.

කෙටිකලක් තුළ දශක ගණනාවකට කළ නොහැකි ව්‍යසනයක් ආණ්ඩුව විසින් රටට සිදුකර ඇති අතර ඉතාම බරපතල කොරෝනා ව්‍යසනය පාලනයේදී ද හුදෙක් සංදර්ශන හැර ප්‍රායෝගික තත්ත්වය අවාසනාවන්ත ය" යැයි ද එහි සඳහන්ය. 

 



අදහස් (1)

‘බලය ගත් ආණ්ඩුව සැබෑ නිරුවත පෙන්වනවා‘

SUNIL MILANO Friday, 04 June 2021 07:04 AM

මේ මොනවා කියවනවද? විපක්ෂ නායකතුමෝ...!!! යහපාලනය කරපු කෙරුවාවල් අපි නොදන්නවැයි. පන්සලේ පැන්කැටේටත් විද්ද අයනේ.. දැන් මරු කියවනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site