IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


’’බලාපොරොත්තු වූ අරමුණු ඉටු වෙලා නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා බලයට පත් කර කරගැනීමේදී බලාපොරොත්තුවූ අරමුණ තවමත් ඉටු නොවූණු තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,බතික්,අත්යන්ත්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය .

කොරෝනා වසංගත තත්වයත් සමග ජනාධිපතිවරයා යම් සිරවීමක සිටිනවා විය හැකි යැයි කී ජයසේකර මහතා ජනතා අරමුණු ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය .

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී ගත වී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක් පමණක් හෙයින් එතුමාට වැඩකටයුතු කිරීමට තවත් කාලයක් තිබෙන බව කවුරුත් මතක තබා ගත යුතු බවද ඔහු කීවේය .

ජනාධිපතිවරයා මේ සියලු දේ කරන්නේ කඩාවැටී ඇති ආර්ථික පසුබිමක් යටතේ යැයි කී දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාට යමක් කිරීමට උවමනාවක් තිබෙන නායකයෙකු බවද ප්‍රකාශ කළේය .

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ට යම් සාධාරණයක් සිදුවී ඇති බවත් ඔවුන් ආණ්ඩුවේ කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය .

ජනාධිපතිවරයා බලයට පත් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද ලොකු කැපවීමක් කළ බවට සිහිපත් කළ ඒ මහතා පක්ෂයේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය .

 



අදහස් (10)

’’බලාපොරොත්තු වූ අරමුණු ඉටු වෙලා නෑ’’

සිරිබිරිස් Saturday, 10 July 2021 01:58 PM

එහෙනම් එන පාර පොදු අපේක්ෂකයෙක් දාමුද?

:       17       49

mihira Saturday, 10 July 2021 02:21 PM

ඒක මාර කතාවක්නේ... වසරයි නෙවෙයි.... දැන් තව මාසෙන් වසර දෙකයි.

:       1       28

de silva Saturday, 10 July 2021 03:40 PM

මොන කෙණෙහිලිකම් කළත් මොලේ කල්පනා කරලා ලැබෙන වරප්‍රසාද ගැන හිතලා ඉවසලා ඉන්න. ශ්‍රීලනිපයට සහ රටට හෙණ ගැහුවත් කමක් නැහැ. ඇමැතිකම අතාරින්න එපා...

:       1       16

gamunuSaturday, 10 July 2021 05:46 PM

කැබිනෙට් ඇමති කමක් ලැබුණා නම් දයාසිරිලා කතා කරන්නේ නැහැ. තව වැඩි කාලයක් නැහැ.. ලැබෙන වරප්‍රසාද ටික අරගෙන ජනතාවට පෙනෙන්න බොරුවට රජය විව්චනය කරන්න. එවිට ජනතාව හිතනවා දයාසිරි ඡන්ද දයකයින් වෙනුවෙන් කතා කරනවා කියලා...

:       0       0

විපරමා Saturday, 10 July 2021 03:57 PM

ජනතාවගේ අරමුණු කෙසේ වෙතත් සහෝදර සමාගමේ අරමුණු ඉෂ්ඨ වෙලා තියෙන හැටි ලෝකෙම දන්නවා. ආර්ථිකය වැඩියෙන් සංවර්ධනේ කරගන්න මුදල් ඇමතියෙකුත් ඉන්නේ... තමුන්ට නම් දුක ඇති... ලැබුණු රාජ්‍ය ඇමතිකම හින්දා... පවුලේ හතර වරිගයම ඉන්න අය නියමෙට බෙදාහදා ගෙන. පවුලේ සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලනවා.

:       28       113

Jude perera Saturday, 10 July 2021 05:22 PM

මොනවද දැන් මෙයා කියන්නේ..?

:       0       6

piya nandana Saturday, 10 July 2021 07:34 PM

ඔබලා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හදපු නීති කෙටුම්පත් දැන්වත් දාලා සම්මත කරගන්න.

:       0       3

Sri Lanka Saturday, 10 July 2021 08:52 PM

අවුරුදු 70ක් තිස්සේ ඕකනේ හැමදාම වුණේ... දැන්වත් අනිත් අයටත් ආදර්ශයක් වෙන්න දේශපාලු ව්‍යාපාරයෙන් අයින් වෙලා ගෙදර යන්නකෝ... ස්තුතියි..

:       0       0

Jagath Santha - Arachi kittuwa. Saturday, 10 July 2021 09:08 PM

වැසිකිලි පෝච්චියයි, කැසිකිළි පෝච්චියයි... වෙනස නොදන්න ඇමැතිකමේ මොනවෙනසක්ද? නේද ඇමැතිතුමෝ?

:       0       3

Rata Perata Tuesday, 13 July 2021 01:45 AM

සාමාන්‍ය ජනතාවට මීට කලින් ඕක තේරුම් ගන්න නුවණ තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2165 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site