(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව,28 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගබඩාකර තිබූ වැලි කියුබ් 200කට අධික තොගයක් අද (24)අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ බළකායේද සහය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම වැලි තොගය ඉදිකිරිම් ක් ක්ෂේත්‍රයට සම්බන්‍න්‍ධ කොන්ත්‍රාත්කරුවෙකුගේ ඉඩමක ගබඩාකර තිබූ බව පොලීසිය පැවැසීය.
නීත්‍යානුකූල නොවන අන්දමට වැලි ගබඩාකරගෙන සිටි පුද්ගලයා පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(24) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
අධිකරණ නියෝග ලැබෙන තෙක් වැලි තොගයට සීල් තැබීමට භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීහු ක්‍රියා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ලාකඩ ගොඩක් යන්න ඇති...