IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


බුලන වැවේ අතුරුදන් වු තිදරුපියාගේ සිරුර හමුවෙයි

(ප්‍රියාණි මංගලිකා )

කොබෙයිගනේ  බුලන වැවේ ජලජ ශාඛ  ඉවත් කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ  සිරුර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද  (18)  පෙරවරුවේ ගොඩ ගැණුන බව කොබෙයිගනේ පොලීසිය පැවසීය.

බුලන වැවේ මඩේ එරීමෙන් මෙසේ මියගොස් සිටි අය නොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි සුගත් රෝහන අමරසිංහ (46) නැමති තිදරු පියෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කලේය .

බුලන වැව කලක සිට ජපන් ජබර ශාඛ වලින් වැසී යාම හේතුවෙන් ගමේ පිරිසක්ද සමග බැකෝ යන්ත්‍රයක්ද උපයෝගී කරගනිමින් මෙම පුද්ගලයාද වැව පිරිසිදු කිරීමේ නිරත වෙමින් සිටියදී ,ජලජ ශාඛ ඇදීමට ගැඹුරු දියට ගිය අවස්ථාවේ අතුරුදන්ව ඇති අතර කොබෙයිගනේ පොලීසිය විසින් නාවික හමුදා කිමිදුම් නිලධාරීන් යොදවා සිරුර ගොඩගෙනඇත.
සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී අද ( 18)  සිදු කිරීමට නියමිත තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.



අදහස් (0)

බුලන වැවේ අතුරුදන් වු තිදරුපියාගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
2024 මැයි මස 25 584 0

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය.


ගසක් කඩා වැටී කතක් මරුට : අඹූසැමි යුවළක් රෝහලේ
2024 මැයි මස 25 409 0

පවතින වර්ෂාවත් සමඟ අද (25) රාත්‍රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙද


වලවේ ගඟේ ගිලී පුද්ගලයකු මරුට
2024 මැයි මස 25 333 0

බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘
2024 මැයි මස 25 1711 1

ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන
2024 මැයි මස 25 193 0

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැ


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 2051 2

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2494 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site