IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බෙල්ජියමෙන් ව්‍යාජ ලිපිනයකට එවූ පාර්සලයක මත්පෙති තොගයක්

 

(විනීතා එම් ගමගේ)
 
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ, හිමිකරුවන් ඉදිරිපත් නොවූ පාර්සලයක් විවෘත කිරීමේ දී මත් පෙති විශාල ප්‍රමාණයක් තිබී හමුවී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.    
 
මීට මාස කිහිපයකට පෙර එය බෙල්ජියමෙන් එවා තිබිණි. එම පාර්සලයේ දේශීය ලැබුම්කරු දන්වා ඇතත් එය ව්‍යාජ ලිපිනයක් වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින්ගෙන් යුත් කමිටුවක් ඉදිරියේ එම පාර්සලය විවෘත කිරීමේ දී මත් පෙති විශාල තොගයක් හමුවූ බව ඒ මහතා සඳහන් කළේය.
 
සත්ව ආහාර හා චොක්ලට් සහිත එම පාර්සලයේ සූක්ෂම ලෙස රඳවාගෙන ආ මත් පෙති රේගු බාරයට ගෙන පරීක්ෂණ පවත්වන බවත් මේ වනවිට එම පෙති ප්‍රමාණය ගණනය කරමින් ඇති බවත් රණසිංහ මහතා කියා සිටියේය.
 
විදේශ රටවලට යවන හා විදේශ රටවලින් එවන සියලු පාර්සල් තැපෑලේ ඇති විශේෂ එක්ස් කිරණ යන්ත්‍ර වලින් පරීක්ෂා කරන අතර එසේ පරික්ෂාවෙන් පසු සැක කටයුතු පාර්සලයක් ලෙස වෙන් කර තිබු එකක් බවත් එහෙත් හිමිකරු සොයා ගැනීමට උත්සාහ කළ බවත් කී නියෝජ්‍ය තැපැල්පතිවරයා හිමිකරු නොමැති බැවින් පාර්සලය විවෘත කළ බවත් ඔහු සඳහන් කළේය.
 
මේ සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරික්ෂණ පවත්වනු ඇතැයි රණසිංහ මහතා තවදුරටත් පැවසීය.

(ඡායාරූප - ඉන්දිකා රාමනායක)



අදහස් (2)

බෙල්ජියමෙන් ව්‍යාජ ලිපිනයකට එවූ පාර්සලයක මත්පෙති තොගයක්

INDIKA Thursday, 07 January 2021 12:54 PM

මේක ඇමැති කෙනෙක්ගේ දෝ මන්දා ... දෙයියෝ දනී... අපි තවම නොදනී.

:       2       7

මහීලල් Thursday, 07 January 2021 03:57 PM

ඕක තැපෑල ඇතුලේම එකෙකුත් සම්බන්ධ වැඩක් වෙන්න ඕනෑ. රෙඩ් ලේබල් ගහපු ගමන් news එක එලියට යන්න ඇති. මීට පස්සේ සැක ඒවා කාටවත් දැනගන්න බැරි වෙන්න ඇහැගහගෙන ඉඳලා අයිතිකාරයා ආවහම අල්ල ගන්න පොඩි එවුන් හොරා පොලිස් කරනවා වගේ නැතිව...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 411 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2185 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site