(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය.
අද (02) උදෑසන 10ට පමණ ආරම්භ වූ බලමණ්ඩල රැස්වීම අමතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සභාව අමතමින් සිටියදී පොලීසියේ දැනුම්දීම මත මෙම රැස්වීම අතරමග නවතාලීය.
පොලිසියේ දැනුම් දීම මහින්ද අමරවීර මහතා දැනගත් වහාම පොලිසිය රැස්වීම නවත්වන ලෙසට දැනුම් දී ඇති නිසා තමන්ගේ කථාව අවසන් කරන බව පවසා වේදිකාවෙන් බැස ගියේය.
මෙම අවස්ථාව වනවිට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණි අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහක යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය.
පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට සංවිධායකයින්ට දැනුම් දුන් බවයි.



COMMENTS
17 වෙනිදාට බලාගන්න පුළුවන් වෙයි නීතිය ක්‍රියාත්මක කරන්න ගිය කට්ටියට වෙන දේ...
පොලීසියේ අවසරය අරගෙන නොතිබුණා නම් නැවත අවසරය අරගෙන එම රැස්වීම පවත්වන්න පුළුවන්නේ. අපි එය කරමු. මේවා බයට කරන වැඩ...
මැතිවරණ නීතියට කොටින්ම රටේ පොදු නීතියට ගරු නොකරන කිසිම දේශපාලකයෙක් බලයට පත්වුණාට පස්සේ නීතියට ගරු කරයිද?
විනය ගරුක, නීතිගරුක රටක්...
නුදුරු අනාගතයේ රටේ බලය ලබාගැනීමට සැදී පැහැදී සිටින අය මෙවැනි බොළඳ විදියට රැස්වීම් පැවැත්වීමට යාම හාස්‍යයට කරුණකි. කෙසේවුවත් මැතිවරණ කොමිසමේත්, පොලිසියේත් මැදිහත්වීම රටේ මැතිවරණ නීතියට අනුව සිදුවීම මගින් මේ ප්රශ්නය සාමකාමී අන්දමට අවසන්වීම ප්‍රශංසාවට බඳුන් විය යුතු වෙනවා. රැස්ව සිටි ජනතාව නීතියට ගරු කිරීම ගැනත් එහි සංවිධායකයින්ට අපේ ආචාරය !!!..
නායකයෝ කියන අය දන්නේ නෑ අවසර ගන්න ඕන කියලවත්. පුදුම නායකයෝ. පස්සෙන් යන මිනිස්සු පව්.
රැස්වීමක් තියන්න අවසර ගන්න ඕන කියලා නීතියක් නොදන්නා පිරිසක්ද මේ නියෝජිතයෝ ?
2015 මහින්ද ප්‍රතිසංස්කරණය කළ අභය ගිරිය විවෘත කරන්න දුන්නේ නැහැ. පසුව මෛත්‍රී එය විවෘත කළේ තමන්ගේ රූපයකුත් අන්දලා.
ඇයි එම්.සී.සී ගැන සජිත් කතා කරන්නේ නැත්තේ?
නීතිය හරියට ක්‍රියාත්මක කරලා මැරුණත් කමක් නැ කියන නිලදාරීන් තවමත් ඉන්න එක ගැන ආඩම්බර විය යුතුයි.
මෙතන නතර කළේ පොලීසිය. අතන නතර කළේ ටාසන්.
සාදු සාදු කියා පෙරහැර එනවා. අපේ රටේ නීතිය රජ වෙන්නට යනවා.
නිසි අවසර නැත්නම් කාට උනත් නීතිප්‍රකාරව ක්‍රියාකළ යුතුය. ගැටලුව සැමට එක ලෙස නිතිය ක්‍රියාත්මක වෙනවාද යන්නයි.
ඉතින් මේ වගේ ප්රජාතන්ත්රවාදයක් ඒ කාලේත් තිබුනද? මෙහෙම දෙයක් ඒ කාලේ උනානම් මෙලහකට පොලිසියේ.
කොමෙන්ට් වලින්ම පේනවා පළිගැනීම.
පොලිසියෙන් නිසි අවසරයක් ලබා නොගෙන රැස්වීම තිබ්බේ පරණ පුරුදු මතක් වෙලාද?
නීතිය කාටත් සාධාරණයි.
යන තැන චොර.
තවමත් මුදා නොගත් ප්‍රදේශයක් වන, බෙලිඅත්තේ, පවතින කැලෑ නීතියට, රටේ සිවිල් නීතිය අදාළවන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ...
ඉරිදා පත්තරේකට ප්‍රසිද්ධ දෛවඥයින් පස්දෙනෙක්ම අනාවැකි කියලා තිබුණා මොන අතින් බැලුවත් සජිත් ඉහළින්ම ජයග්‍රහණය කරනවා කියලා. ඒ ගොල්ලෝ කියන්නේ සජිත්ට ලොකුම බලය ලැබෙන්නේ හෙනහුරු ග්‍රහයාගෙන් කියලයි.. දැන් මොකද කරන්නේ?
මොන වැරදි තිබුණත් මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසම පත්කළ එකම ඇති.. එහෙම නොවුණා නම් රජුගෙ කාලේ වගේ මේ ඡන්දෙට දින නියම කරන්නේ ඒ ගොල්ලන්ගේ හඳහන්වලට අනුව... දැන් මැකෝ දිනය නියම කළා.. කවුරුවත් දන්නේ නැතුව...