IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි

(සුජිත් හේවාජුලිගේ )

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිල්ලක් සකස්කර වැරදි සහ ජනතාව නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (2) පැමිණිල්ලක් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා මෙම පැමිණිල්ල කළේ මාර්ගගත ක්‍රමයට යැයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පෞද්ගලිකවම ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

සංවිධානාත්මක කණ්ඩායමක් සංගමයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස වෙනස් කර තම සාමාජිකයන් නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රචාරණ කටයුත්තක නියැලී ඇතැයි පැවසූ ෂෙහාන් දිසානායක මහතා මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් නොරැවටෙන ලෙස රටවාසී සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site