(සුජිත් හේවාජුලිගේ )
ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිල්ලක් සකස්කර වැරදි සහ ජනතාව නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (2) පැමිණිල්ලක් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා මෙම පැමිණිල්ල කළේ මාර්ගගත ක්‍රමයට යැයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පෞද්ගලිකවම ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
සංවිධානාත්මක කණ්ඩායමක් සංගමයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස වෙනස් කර තම සාමාජිකයන් නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රචාරණ කටයුත්තක නියැලී ඇතැයි පැවසූ ෂෙහාන් දිසානායක මහතා මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් නොරැවටෙන ලෙස රටවාසී සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.
සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
714
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි