(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ, හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හලාවත පොලිසියට බාර දීමට රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) කටයුතු කර තිබිණි
පොලීසියට බාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා, මුගුණුවටවන මහගම ප්‍රදේශයේ පදිංචි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකි.
මන්ත්‍රීවරයාගේ බිරිඳ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ සේවිකාවකි. ඔවුන් අතර කලක සිට නිතර අඩදබර ඇති බවට අනාවරණය වී ඇති අතර මන්ත්‍රීවරයාගෙන් තමන්ට හානියක් වෙතියි බියෙන් බිරිඳ මාදම්පේ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇතැයි පොලීසිය කියයි.
අද (21) සිය බිරිද සේවය කරන රෝහල් පරිශ්‍රයට උල් පිහියක් අතැතිව ඇතුළු වූ මන්ත්‍රීවරයා ඇය සමඟ බහින්බස්වීමක ඇති කරගෙන පිහියෙන් ඇනීමට තැත් කර ඇත.
එම අවස්ථාවේ දි අසළ රාජකාරියේ නියැලෙමින් සිටි රෝහලේ ආරක්ෂයෙකු මන්ත්‍රීවරයා අත තිබු පිහිය උදුරාගෙන තිබේ.
පිහිය ගැනීම සඳහා පොර බැදූ ආරක්ෂක නිලධාරියාගේ අත කැපී සුළු තුවාලයක් වී තිබූ බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මන්ත්‍රී කොහේ කෙනෙක්ද කියලා හිතනකොට මෙහෙම දේවල් නොකළා නම් තමයි පුදුමේ...
මෙවැනි උන්මත්තකයින් නායකත්වය දීමට ඡන්දය දෙන අපගේ බුද්ධිමත් සමාජය කොතරම් දුරට පිරිහී ඇත්ද? මේ සියල්ල සිදුවී ඇත්තේ නොයෙකුත් වරදාන හේතුව නිසා බව පෙනේ..
පොහොට්ටුවේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක්කේ මන්දයත් ඒ සියල්ලන්ම පොල්ලෙලි නිසා...
දැන් කියාවි පිහියෙන් අැනලා හවසට පනින්න හිටියේ ඒ.ජා.ප.යට කියලා ජයවේවා...!!!
ගම්වල රස්තියාදු වෙමින් සිට මොකක් හෝ පක්ෂයකට පෝස්ටර් ඇලවීමෙන් සහ කඩේ යාමෙන් 'මන්ත්‍රී' බවට පත් වූ මෙවැනි මදාවි මහත්වරුන්ගේ සුදු රෙද්දෙන් සියලු පව් වසා ගත නොහැකි බවට තවත් එක නිදසුනකි මේ.
ඔය මිනිහව ඡන්දය ඉවර වෙනකම් ඇප නොදී ඇතුළට දමන්න. කොහොමත් පොහොට්ටුවේ උන්ට මේ දවස්වල වලිප්පුව...
ෂා..! රෝහල ඇතුලේ හින්දා කෙලින්ම ඇදගන්න තිබුනේ ශල්‍යාගාරයට. පුස්සෙක් වෙන්න ශල්‍ය කර්මයක් කරලාම එළියට දැම්මා නම්, වැස්සත් තියන වෙලේ හොඳට කුඹුරවත් හාගන්න තිබුණා නේද?