(ඩයනා උදයංගනී)
මහනුවර යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඉකුත් ජනවාරි මාසයේ හටගත් ගින්නකින් තම දරු පවුල බේරාගත් රාමනාදන් රාමරාජ් පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අයෙකි.
එම ගොඩනැගිල්ලෙහි පස්වන මහලේ පදිංචිව සිටි මෙම පියා තම දරුවන් තිදෙනා හා බිරිඳ ඉන් පහළට දමා බේරාගත්තේ තමන්ගේ ජීවිතය ද පරදුවට තබමිනි.
ඒ වෙනුවෙන් රාමරාජ් මහතා වෙත රුපියල් ලක්‍ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදුවිය.
වෘත්තියෙන් ආභරණවල රන් ආලේප කරන්නකු වන නාමනාදන් මහතාගේ නිවස ගිනි ගැනීම හේතුවෙන් ඔහුට ජීවනෝපාය මාර්ගයද අහිමි වූ අතර ඊට අවශ්‍ය යන්ත‍්‍ර යළි මිලදී ගැනීමට සහ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම මුදල ලබාදුන්නේය.
රාමරාජ් මහතා ජනාධිපතිවරයා අතින් මුදල් පරිත්‍යාගය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ඔහුගේ බිරිඳ හා දරුවන්ද මෙහි වෙති.

COMMENTS
ජීවිකාව ගෙනියන්න පොල් ගස් නගින මිනිස්සු කොච්චර ගස් වලින් වැටිලා මැරෙනවද? ඒ අයගේ පවුල් වලට ඒ අය වීරයෝ. කවදාවත් ඒ වගේ කෙනෙක්ට තඹ සතයක් ආණ්ඩුවෙන් ගෙවලා තියෙනවද? දෙමළ ඡන්ද වලට කුරුමානම.
ඇගයිය යුතු ප්‍රදානයක් සහ ඇගයිය යුතු පියෙක්.
තම ජීවිතය පරදුවට තියලා දරුපවුල බේරාගත් අයෙකුට මුදල් සම්භාරයක්... අගය කරමු. තම ජීවිතය පමණක් නොව තම දරු පවුල දෙමාපියන් නොතකා, ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් විරුවන්ට... කවුද ජාති ද්‍රෝහියෝ..?
දු දරුවන් රකින පියවරුන්ට ආදර්ශයක් තම තන්හාවට අසරණ දරුවන් දෙදෙනෙකු ඝාතනය කල අයටද මෙය පෙනේවා.
ඔහුගේ එම ජීවිතයත් මරණයත් අතර සටනේදී ඔහුගේ දරුවන් බේරාගැනීමට විශාල අවධානමක් ගෙන බිම සිට දරුවන් අල්ලාගෙන බේරාගත් බැංකු නිලධාරියෙකුත් සිටියා නේද? ඔහුට කිසිම ඇගයීමක් කරන්න කෙනෙක් නැතිවීම කණගාටුවක්...